‘ගෝටාභය’ට කොළඹ පොත් ප‍්‍රදර්ශණයේ අධි ඉල්ලුමක්.. වාර්තා තබමින් පිටපත් 15,000ක් විකිණී අවසන්.. කඩිනමින් දෙවන මුද‍්‍රණයේ..

October 1, 2019 at 6:26 am | lanka C news
‘ගෝටාභය’ට කොළඹ පොත් ප‍්‍රදර්ශණයේ අධි ඉල්ලුමක්.. වාර්තා තබමින් පිටපත් 15,000ක් විකිණී අවසන්.. කඩිනමින් දෙවන මුද‍්‍රණයේ..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවන චරිතය අළලා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචනා කරන ලද ‘ගෝඨාභය’ කෘතියට මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී අධි ඉල්ලුමක් ලැබී ඇත.

එම ග්‍රන්ථය ප්‍රකාශකයන් වන විජිත යාපා ප්‍රකාශකයන් සඳහන් කරන්නේ පසුගිය සෙනසුරාදා දින වන විට එම එහි පිටපත් 15,000කට වඩා අලෙවි වී තිබූ බවයි.

ඒ හේතුවෙන් පළමු මුද්‍රණය අවසන් වී දෙවැනි මුද්‍රණයද සිදුවන බවත් ඔවුන් කියා සිටී.

ඊට අමතරව දේශීය, විදේශීය ශ්‍රී ලාංකිකන් මෙම ග්‍රන්ථය ඇණවුම් කර ඇතැයි ද එම සමාගම තව දුරටත් සඳහන් කරයි.

160 views
Main News