ගෝටාභයට ජනාධිපතිවරණයට තවත් පොල්ලක්.. ශ‍්‍රී ලංකා පුරවැසිකම අත්හිටුවන්නැයි අධිකරණයේ නඩු දමයි..

September 30, 2019 at 11:20 am | lanka C news
ගෝටාභයට ජනාධිපතිවරණයට තවත් පොල්ලක්.. ශ‍්‍රී ලංකා පුරවැසිකම අත්හිටුවන්නැයි අධිකරණයේ නඩු දමයි..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් ඔහු මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබා ගෙන ඇති බවයි.

විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු විසින් ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව කියා සිටියේය.

මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබේ.

මෙම පෙත්සම අද(30) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.

– adaderana

50 views

56 Comments to “ගෝටාභයට ජනාධිපතිවරණයට තවත් පොල්ලක්.. ශ‍්‍රී ලංකා පුරවැසිකම අත්හිටුවන්නැයි අධිකරණයේ නඩු දමයි..”

  1. Raterala says:

    මෙි රටෙි මිනිස්සු මුන් දෙන්නාට පාරට බහින්න වත් දෙන්නේ නැති වෙයි .මුන් දෙන්නාම ඩොලර් කපුටො,ඇමෙරිකානු වන්දි භටිටයෝ.

  2. junda says:

    This is the good example for that the intellectual working to the PJP(Pohottuwa) is all unaware about the election or presidential election act/law sspecially Sarath Nanda Silva Mohan Peiris Gammanpila and other bigshots where slaves believe they are the genius in everything. are all idiots and dont know anything ,Its a shame for pohottuwa that they dont know the primary rules so we are sorry for the wahallu(slave)

Main News