ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..

May 20, 2020 at 4:40 pm | lanka C news
ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට ඡන්දය දුන් සියලු දෙනා අද කලකිරීමෙන් පසුවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය අමතරව රණවිරුවන්ද අද දැඩි කලකිරීමෙන් සිටින බවද ඔහු පවසයි.

අද වනවිට රණවිරුවන් තමන්ට නිදාගන්නට ඇදක් නැතිව සිටින බවත් ඔවුන්ගේ ඇඳවල් නිරෝධායනය සඳහා ලබාදී ඇති බවත් ඔහු පැවසීය.

ඔවුන් 30-40කට ඇත්තේ එක වැසිකිලියක් පමණක් යැයිද ඔවුන්ට නිවාඩුද ලබා නොදෙන බවත් ඔහු සඳහන් කළේය.

රණවිරුවන්ට ආහාරපානද හරියාකාරව නොලැබෙන බවත් අද රණවිරුවන්ට ගෞරවයක්ද නැතිබවත් ඒ නිසා කලකිරීමෙන් සිටින බවත් සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

75 views

79 Comments to “ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..”

  1. නිළමේ says:

    නිකං ගොන් ආතල් ගන්න එපා, කසිප්පු පෙරුවට. අපිට සතුටුයි ගෝඨාභය ජනාධිපති තුමා ගැන.

  2. දියරකුස් says:

    හැලිඅරක්කු පෙරන නලියට රටේ වෙන දේ පේන්නෙ නෑ.එහෙම කවුරුත් කලකිරිලා නෑ.තවත් කට්ටිය වැඩිවෙලා.JVP/ UNP උන් නිකල් චන්දෙ දුන්න වගේ කියනවා අපි කලකිරිලා කියලා.චන්දෙ තියල බලන්ඩකො කසිප්පු නලිය කොහෙද ඉන්නෙ..?කවුද කලකිරිල හිටියෙ කියල..

  3. ගයා says:

    මූන් දේශපාලන ලෙස අතරමන් වෙලා. මුන් ගැන දුකයි

  4. Lex says:

    For heaven’s sake stop joking. We have enough jokers and no need another. You are totally wrong. Our war heroes are always with our President. We are with him. Even most of the UNP supporters are with President. Some of your colleagues are also with him. You are a disgrace politician. You have no idea of the present situation in the country. This is the time we all should hold our hands together and support the government, health services staff, military personnel, police department and other government institutions who are fighting against the virus outbreak. Your time has passed. You have no validity now. You are a disgrace to this country.

Main News