ගෝටාභයට ජම්පර අන්දවන්න කලින් සජිත් ජනාධිපති කර ඉන්න..- සජිත් පිලට අගමැති කියයි..
September 27, 2019 at 10:00 am | lanka C news
අනෙක් අපේක්ෂකයන්ට ජම්පර් ඇන්දවීමට පෙර එජාප අපේක්ෂකයා දිනවා ඉන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත.
සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති වූ පසුදාම ගෝටාභය රාජපක්ෂ මහතාට ජම්පර් අන්දවන බවට එජාප මන්ත්‍රී හේෂා විතානගේ කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු මේ බව සදහන් කර ඇත.
එජාප මැති ඇමතිවරුන් සමග අරලියගහ මැදුරේදී පැවති හමුවේදී අගමැතිවරයා මෙම අදහස් පල කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම විනීත හා වැදගත් ආකාරයෙන් පවත්වාගෙන යා යුතු බවද අගමැතිවරයා පවසා ඇත.
මහ බැංකු කොල්ලයට රනිල්ටයි ජම්පරේ අන්දවන්න ඕන