ගෝටාභයට ජම්පර අන්දවන්න කලින් සජිත් ජනාධිපති කර ඉන්න..- සජිත් පිලට අගමැති කියයි..

September 27, 2019 at 10:00 am | lanka C news
ගෝටාභයට ජම්පර අන්දවන්න කලින් සජිත් ජනාධිපති කර ඉන්න..- සජිත් පිලට අගමැති කියයි..

අනෙක් අපේක්‍ෂකයන්ට ජම්පර් ඇන්දවීමට පෙර එජාප අපේක්‍ෂකයා දිනවා ඉන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම පක්‍ෂයේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති වූ පසුදාම ගෝටාභය රාජපක්‍ෂ මහතාට ජම්පර් අන්දවන බවට එජාප මන්ත‍්‍රී හේෂා විතානගේ කල ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු මේ බව සදහන් කර ඇත.

එජාප මැති ඇමතිවරුන් සමග අරලියගහ මැදුරේදී පැවති හමුවේදී අගමැතිවරයා මෙම අදහස් පල කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම විනීත හා වැදගත් ආකාරයෙන් පවත්වාගෙන යා යුතු බවද අගමැතිවරයා පවසා ඇත.

55 views

14 Comments to “ගෝටාභයට ජම්පර අන්දවන්න කලින් සජිත් ජනාධිපති කර ඉන්න..- සජිත් පිලට අගමැති කියයි..”

  1. ajith says:

    අපේක්ෂකයන්ගේ සුදුසු කම්

    ගෝටභය රාජපක්ෂ
    1. ලුතිනන් කර්නල් ( Psc, රණවික්‍රම, රණශුර ) වඩමාරච්චි , අකුණුසැර, ත්‍රිවිධ බල මෙහෙයුම් වලදී පාබල හමුදා බලකා වලට අණදී ඇත. කොතලාවල ආරක්ෂක ඇකඩමියේ ප්‍රධානියා වශයෙන් විශ්‍රාම ලබා ඇත.
    2.පරිගණක පද්දති ප්‍රවර්ධක හා සුර්ය බල පද්දති ආයතනයක පරිපාලක වශයෙන් සේවය කොට ඇත
    3. ආරක්ෂක ලේකම් හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම්

    සජිත් ප්‍රේමදාස
    1. 10 වසර සමත් , ආර්ථික විද්‍යා උපාධි පාටමාලා සහබාගිත්වය
    2. නියෝජ්‍ය ඇමති ( වසර 2.5) – සව්ක්ය හා පෝෂණ කටයුතු
    3. කැබිනට් ඇමති ( වසර 5) – නිවාස හා ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු

  2. n.s fasions kurunegala says:

    ME KALAKANIYA WA SHARE KARANNATH HITENNE NE –

    • බැලුන් හරීන් says:

      කව්ද රනිල්වද? එයා තමයි ඔයගොල්ලන්ගෙ වෙන්ඩ අගමැති.

  3. ගැමුණු says:

    එජාප නායකයෙක් විනීත හා වැදගත් ප්‍රකාශයක් කරනවා අහපු පළමු අවස්ථාව …

  4. Kali says:

    විනීත හා වැදගත්? ප්‍රේමදාසලා එක්ක?

  5. sirimal says:

    පසුගිය ටිකේ යකඩ මිනිහ කෝටි 500ක දැන්වීම් දැම්ම . අන්තිමට නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ

  6. Sun says:

    Sajith has the induced ability of talking but they are all pointless messages to the brainless people. We lost the country and the economy as a result of these brainless politics headed by these people. They do not care about the country and the people. Their intention is to spend the resources on foreign goods mainly unwanted items. We need trustworthy people to lead the country not blank heads.

  7. රනිල් සහ ක්ලෑන් එකේ චන්දෙත් ගෝටාට බව මින් පෙනී යයි..යූ ඇන් පී වහලුනි රට බෙදන්න පොරොන්දු සපත කර එන සජිත් මැතිදාට චන්දෙ දෙන්න පෙර සිය දහස් වතාවක් සිතන්න.

  8. usa says:

    kisi wadak ratata nokarapu me acho bacho nta prabakarange bombawalata hasu nowi inna pina duna wirodara amrikan purawasiyata jayawewa. kisima srlanka purawasiyekuta karanna bari una de usa gr kruwa.

  9. රන්බණ්ඩා says:

    කුණාටුවකට ගසාගෙන ගිය රුවල් නැවක් මුහුද මැද අතරමං විය.
    නැවට එසේ වූයේ අනෙකාගේ වරද නිසා යැයි එහි කප්පිත්තා හා හබල් ගසන වුන් එකිනෙකා වාද කරගැණුනි.
    නැවේ කප්පිත්තා, රුවලේ හබල් ගසන වුන්ට කොන්දේසි දැම්මේය.
    රුවලේ හබල් ගසන වුන්, කප්පිත්තාට ආපිට කොන්දේසි දැමුවේය.
    අවසානයේ නැවට ගමනක් නොවීය.
    එහි ගමන් ගත් මගීන්ද සමග රුවල මුහුදුබත් විය.
    ඉඳින්, මේ උපහැරණය මොනතරම් අද අපේ රටට ඔබින්නේද කියා රන්බණ්ඩාට මොහොතකට සිතුනේය…එක් දෙයක් මැනවින් වැටහින,
    2015දී යහපාලනයකට චන්දය දුන් මේ රටේ ලක්ෂ 62ක මිනිසුන්, යූ එන් පී අමනයින් එක්ක එකට සියදිවි හානි කර ගන්නට මේ වාරයේදී නම් කීයටවත් ඔය රුවලට නොනගිනු ඇත.

  10. රනිල් says:

    කොහොම වුනත් රනිල්ට විපක්ෂ නායක කම නම් ෂුවර්

Main News