ගෝටාභයට මා කීවේ හිට්ලර් වගේ වෙන්න කියා නොවේ.. දැහැමින්, සෙමෙන් රට පාලනය කරන්නයි..- අනුනාහිමි

June 22, 2018 at 8:40 am | lanka C news
ගෝටාභයට මා කීවේ හිට්ලර් වගේ වෙන්න කියා නොවේ.. දැහැමින්, සෙමෙන් රට පාලනය කරන්නයි..- අනුනාහිමි

හිට්ලර් වැනි ආකාරයෙන් රට පාලනය කරන්නැයි තමන් ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් නොකල බවත් තමන්ගේ ප‍්‍රකාශයෙන් එවන් භයානක දෙයක් අදහස් නොකල බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි නාහිමියෝ පවසති.

හිටලර් වන් පාලකයෙකු නිර්මාණය කිරීම නොව රට, ජාතිය, ආගම හැදිය යුතු ආකාරය කෙසේදැයි තමන්ගේ සමස්ථ දේශනාවේ අර්ථය බවත් උන් වහන්සේ කියා සිටිති.

බෞද්ධ ජනතාවට යහපතක් වන ලෙස දැහැමෙන්, සෙමෙන් රට පාලනය කල යුතු බවත් අණ මෙන්ම බණද තිබිය යුතු බවත් පවසන උන් වහන්සේ ‘අණ’ යනු හානිකර තත්වයක් නෙවන බවද තව දුරටත් කියා සිටී.

183 views

30 Comments to “ගෝටාභයට මා කීවේ හිට්ලර් වගේ වෙන්න කියා නොවේ.. දැහැමින්, සෙමෙන් රට පාලනය කරන්නයි..- අනුනාහිමි”

  1. abeyratne says:

    ape hamuduruwane noselenu menawi. mulu ratama anumatha karana sathyak wadala bevin waraprasada vindina ewun ke mora devi. balawath horunta neethi netha me rate…
    oba wahanse wadale tadabala, awanka palakayek awshya bawai
    EYA DAHASWARAK SATHYAKI THERUWAN SARANAI

  2. කිරි ටොයියා says:

    උන් වහන්සේලා….. වරදාන වරප්‍රසාද නැතිව පිස්සුවෙන් වගෙ.
    ඒකනෙ හිට්ලර් උනත් කමක් නෑ කියන්නෙ.
    මාර බුද්ධ පුත්‍රයෙක්.

  3. chathura says:

    අපට තේරෙනව හාමුදුරුවනේ, ඔබ වහන්සේ කිව්වෙ ,හිට්ලර් වගේ දරදඬු පාලනයක් හෝ ගෙන ගොස් මේ රට හදන්න කියල මිස විනාශ කරන්න නෙවෙයි.හැම දෙයක්ම දේශපාලන කර, අපහාස උපහාස කිරිමයි මේ වෙන්නේ….

  4. john the baptice says:

    ජෙර්මනියේ සියයට 98 ක් ජනතාව යුද සමයේ තම ජාතිය වෙනුවෙන් හිට්ලර්ට සහාය දුන්නා

  5. Love nature says:

    කතෝලික ආගම ඉගනගත් හිට්ලර්

    වසර 1894 දී කුඩා දරුවකුව සිටි ඇඩොල්ෆ් හිට්‌ලර් ජර්මනියේ පැසෝ ප්‍රදේශයේ ගංගාවක ගසාගෙන යමින් සිටියේය. ජොහාන් තුවේබර්ගර් නමැති සම වයස්‌ දරුවා හිට්‌ලර්ව බේරා ගත්තේය.

    මේ ගංගාවේ නම “ඉන්” ය. හිට්‌ලර්ට පිහිනීමට නොහැකි අතර තුවේබර්ගර්ට පිහිනීමට හැකිය. ඔහු වහා ගඟට පැන පිහිනා ගොස්‌ හිට්‌ලර් බේරා ගත්තේය. 1894 දී ඩැනියුබ් ප්‍රදේශයේ පළවූ ඩොනයිසෙයිටුං නමැති පුවත්පතේ මේ පුවත පළවිය. මැරෙන්නට ගිය ළමයාගේ නම හිට්‌ලර් වූ බවත්, ඔහු බේරාගත් ළමයාගේ නම තුවේබර්ගර් බවත් පුවත්පතේ පළවිය. පසු කාලයේ දී කතෝලික පූජකයකු බවට පත්ව 1980 දී මියයැමට පෙර මේ සිද්ධිය හෙළි කළේය.

  6. john the baptice says:

    යහපාලනය යනු හිට්ලර් පාලනයට පසුව බිහිවු පාලනයක් බව දැන් තහවුරු වෙමින් පවතිනවා

  7. Love nature says:

    හිට්ලර් යුදෙව් වරුන්ට වීරුද්ද වන්න හේතුව

    හිට්ලර් සිය පිය පාර්ශවයෙන් යුදෙව් ලේ මිශ්‍ර වීම පිළිබඳව ඔහු දැඩි හීන මානයකින් පෙලුනු අතර ඒ නිසාම ඔහු යුදෙව් සංහාරයේ යෙදුණී. සිය පියාගේ මව ධනවත් යුදෙව් තරුණයෙකු අතින් දූශණය වූ නිසා සිය පියාගේ පීතෘත්වය පිළිබඳවද ඔහු තුල සැක සංකා විය. සිය ලේ පිරිසිදු කිරීමට හිට්ලර් කූඩැල්ලන් පාවිච්චි කල බවටද වාර්තා වේ.

  8. dudley says:

    Prelates should take disciplinary action against the Monk who seems to be a maniac.

  9. Perera says:

    ඔබ වහන්සේ ප්‍රකාශ කළේ රට ට අවශ්‍ය ඍජු තීරණ ගන්නා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන නායකයකූ බව අපට මෙන්ම සියළු බුද්ධි මත් ජනතාව ට පැහැදිලි ය. යම් යම් පුද්ගලයන් තුළ ඇති බිය නිසා නොයෙකුත් දේ කියනු පෙනේ.

  10. Ratnamalala says:

    Gotabhaya mahattaya janadhipathi mathivaranayata enavai kiyapu davase indan huga denekuta bada yanna patan aran.kohen hari deyak allan godavennai hadanne.ITN pachorislata meva raja magul.