ගෝටාභයට වඩා සුදුසුකම් මට තියෙනවා..

August 22, 2019 at 12:00 pm | lanka C news
ගෝටාභයට වඩා සුදුසුකම් මට තියෙනවා..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කර තිබෙන ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා තමනට සඳහා සුදුසුකම් ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

රටේ ජනතාව ඉල්ලන්නේ ඇමරිකාවෙන් ආනයනය කළ පුද්ගලයෙක් නොවන බව ද ඔහු සඳහන් කරයි.

තමන් පිළිවෙළට දේශපාලනය කරමින් පාර්ලිමේන්තු පැමිණි කෙනෙක් බවත් ඒ නිසා තමන්ට ඇති සුදුසුකම් ගෝටාභය රාජපක්ෂ මහතාට නැති බවත් මන්ත්‍රීවරයා කියයි.

සුදු වෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන් ඝාතනය කළ අය නැවතත් ඒවා නොකර සිටී යයි කිව නොහැකි බවත් හමුදාවේ නිලධාරියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මතතාට වඩා ජාතික ආරක්ෂාව ගැන අත්දැකීම් සරත් ෆොන්සේකා මහතාට ඇති බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

64 views

46 Comments to “ගෝටාභයට වඩා සුදුසුකම් මට තියෙනවා..”

  1. පොරමෝලා says:

    අණ්ඩවාතෙ හැදිල ලොකු උනාම තමන්ගෙ සරු බව වැඩියි කියල හිතීම මහ මෝඩ කමක්

  2. srilankan says:

    ගෝටාභයට විශාල ඡන්ද ප‍්‍රමාණයක් තිබෙනවා.. ඔහු එජාපයට අභියෝගයක්.. ඔහුට මුහුණ දෙන්නේ කවුදැයි කල්පනා කරනවා..- හර්ෂ

  3. සිංහලයා says:

    දැන් UNPයට මොංගල් ද කොහෙද