ගෝටාභයට විරුද්ද ඇමරිකා නඩු දැමීම පසුපස රාජපක්‍ෂවරුන්…?

April 19, 2019 at 2:10 pm | lanka C news
ගෝටාභයට විරුද්ද ඇමරිකා නඩු දැමීම පසුපස රාජපක්‍ෂවරුන්…?

හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂ මහතාට විරුද්ධව ඇමරිකාවේ නඩු දැමීම පසුපස සිටින්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා මේ බව කියා සිටියේ බදුල්ලේ දී පැවති උත්සවයක් අමතමිනි.

අද වන විට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා රාජපක්ෂවරුන් අතර පොරකෑමක් තිබෙන බවද ඔහු පැවසීය.

පෙනුමට සමගියෙන් සේ පෙනුනත් ඇතුලේ ගැටුම් ඇතිව තිබෙන බවද ඔහු සදහන් කලේය.

303 views
Main News