ගෝටාභයට සහාය දෙන්නට වෙල්ගම ශ්රීලනිපයට ඉඩ නොදේ.. මෛත්රී නොඉල්ලුවොත් වෙල්ගම ජනාධිපතිවරණයට.. ජනාධිපතිටත් දන්වයි..
August 27, 2019 at 12:02 am | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කළහොත් ඊට තමන් විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි.
තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට දැන්වූ බව ද ඔහු කියා සිටියි.
මෛත්රීපාල සිරිසේන මහතා එම ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් තමන් තරග කරන බවත් ඔහු සඳහන් කළේය.
ශ්රීලනිපයෙන් ඉල්ලීමක් ලද හොත් තමන් ජනාධිපතිවරණයට ශ්රීලනිප අපේක්ෂක ලෙස තරග කරන බවද ඔහු පැවසීය.