ගෝටාභයයි සිරිසේනගෙයි කිසි වෙනසක් නෑ..- ෆොන්සේකා

January 4, 2020 at 3:23 am | lanka C news
ගෝටාභයයි සිරිසේනගෙයි කිසි වෙනසක් නෑ..- ෆොන්සේකා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය මීට අවුරුදු පහකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

රාජපක්‍ෂ පරම්පරාව ගැන පැවසූ කොටස හැරුණු කොට ඔවුන් දෙදෙනා විසින් කරන ලද කතාවන්හි කිසිදු වෙනසක් නැතැයිද ඔහු සඳහන් කළේය.

කතා කළ ආකාරයට ප්‍රතිඵල තිබේදැයි තමන්ට සැක බව ද පැවසූ ෆොන්සේකා මහතා ජනතාව බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබේ යැයි තමන් විශ්වාස නොකරන බවද පැවසීය.

ආරක්ෂාව දැන් තහවුරු බවට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ බුද්ධි අංශවල තනතුරු දෙකක් වෙනස් වූ පමණින් ආරක්ෂාව තහවුරු විය නොහැකි බවයි.

පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම මේ බව කියා සිටියේය.

199 views

29 Comments to “ගෝටාභයයි සිරිසේනගෙයි කිසි වෙනසක් නෑ..- ෆොන්සේකා”

  1. සිරිපුර වැසියා says:

    තමුසෙ දේශපාලන වහල්කම් කරල සිරිසේනගෙනුයි රනිල් වික්කමසිංහගෙනුයි වෙල් විදානෙ පට්ටම අරගත්තට රටේ ආරක්ෂාවට කියල කරපු කෙංගෙඩියක් තියෙනවද පසුගිය අවුරුදු 5ට? අඩු ගානෙ පාර්ලිමෙන්තුවෙදි රටේ ආරක්ෂාව ගැන පාස්කු ප්‍රහාරයට කලින් වචනයක්වත් කතා කරල තියෙනවද? පාස්කු ප්‍රහාරයට කලින් මුස්ලිම් ත්‍රස්තවාදින් කීපදෙනෙක්ව ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය කිලෝ සිය ගනන් එක්ක අල්ලල තමුසෙලගෙ රජයෙන්ම පරීක්ෂණ යට ගහද්දි තමුසෙ වචනයක්වත් කතා කළාද?

Main News