ගෝටාභයේ පුතා ගැන පරීක්‍ෂණ ඇරඹේ.. FCID අධිකරණයට බී වාර්තාවක් දමයි..

December 11, 2016 at 2:10 pm | lanka C news
ගෝටාභයේ පුතා ගැන පරීක්‍ෂණ ඇරඹේ.. FCID අධිකරණයට බී වාර්තාවක් දමයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ පුත‍්‍රයා වෙනුවෙන් ලසුගිය රජය සමයේදී රජයේ මුදලින් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයෙන් නිවසක් කුලියට ගැනීම හේතුවෙන් රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇති බවට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ‘බී’ වාර්තාවක් ගොනු කරනු ලැබ තිබේ.

පසුගිය 03 වැනිදා විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.

ඩොලර් 8000ක මාසික කුලියකට ගෙන ඇති එම නිවසේ නැවතී සිටි ප්‍රභූ පුත්‍රයාගේ ආරක්ෂාවට ජනාධිපති ආරක්‍ෂක අංශයේ හමුදා සෙබළුන් දෙදෙනෙකු රියදුරන් ලෙස යොදවා සිටියේ යයිද පැමිණිල්ලේ වෙයි.

20 views