ගෝටාභය අතහැර සජිත්ට සහාය දෙන්නැයි චන්ද‍්‍රිකා කියයි..

February 5, 2020 at 10:00 am | lanka C news
ගෝටාභය අතහැර සජිත්ට සහාය දෙන්නැයි චන්ද‍්‍රිකා කියයි..

ජනාධිපතිවරණයේ දී සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට චන්ද්‍රිකා මහත්මිය ඇතුළු පිරිසක් විසින් යෝජනාවක් ඉදිරිපත් කළ බවත් නමුත් තමා ඇතුළු කණ්ඩායමක් ඒ සඳහා තදින්ම විරුද්ධ වුන බවත් ප‍්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

රාජපක්ෂලා පරාජය කරවන්න සජිත් පේ‍්‍රමදාස මහත්තයාට උදව් කළ යුතුයි කියලා එම පිරිස සඳහන් කළ බවද, අමරවීර මහතා සඳහන් කළේ ගැටමාන්න ප‍්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.

එක්සත් ජාතික පක්ෂයයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන්නේ අහසයි පොළවයි වාගේ. කවදාවත් නොපෑහෙන පක්ෂ දෙකක්.

2015 ජනාධිපතිවරණයේ දී අපි මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාට සහාය දැක්වූයේ නැහැ. එතකොට අපේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මහතායි. අපි එතුමා වෙනුවෙන් කැප වී මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා පරාජය කරන්නට කටයුතු කළා. නමුත් අවාසනාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ මැතිවරණයෙන් පරාජයට පත් වුණා. ඊට පස්සේ අපේ පක්ෂ නායකයා වුණේ ජනාධිපති ලෙසින් තේරී පත් වූ මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා.

එතුමා ඇතුළු පක්ෂය තීන්දුවක් ගත්තා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී ජාතික ආණ්ඩුවක් හදන්නට. ඒක පක්ෂයේ තීරණයක් මිසක් පුද්ගලික තීරණ මත ගත්ත එකක් නොවෙයි. අපි දැනගෙන හිටියා රනිල් වික‍්‍රමසිංහ එක්ක අපිට ගමනක් නෑ කියලා. නමුත් පක්ෂය වශයෙන් ගත්ත තීරණයකට එදා අපි හැමෝටම එකඟ වෙන්න සිදුවුණා. එක්සත් ජාතික පක්ෂය එක්ක ආණ්ඩු හදනවා කියන එක අපිට ගැළපෙන දෙයක් නොවුනත් අපි එදා පක්ෂය ගත්ත තීරණයට එකඟ වුණා. නමුත් කාලයක් යනකොට අපිට තේරුණා මේ ජාතික ආණ්ඩුව එක්ක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පැවැත්මක් නෑ කියලා.

එක්සත් ජාතික පක්ෂයේ නීති විරෝධී වැඩ නිසා තමයි 2018 ඔක්තෝබර් 26 වෙනිදා නැවතත් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කළේ. ඒත් අධිකරණ තීන්දුවක් මත නැවතත් රනිල් වික‍්‍රමසිංහට අගමැතිකම දෙන්න මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට සිද්ධ වුණා. නමුත් අපි තවදුරටත් ජාතික ආණ්ඩුවේ එල්ලිලා හිටියේ නෑ. අපි විපක්ෂයට ගියා. ඊට පස්සේ තමයි 2019 ජනාධිපතිවරණය ආවේ. ඒ වෙලාවේ අපි සියලූ දෙනාම තීරණය කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග‍්‍රහණය කරවීම සඳහා සහයෝගය දීමටයි. ඒ අනුව තමයි අපි වැඩ කළේ. එහි ප‍්‍රතිඵලයක් විදියට සජිත් පරාජයට පත් කරලා අති දැවැන්ත ජයග‍්‍රහණයක් ලබන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට පුළුවන් වුණා.

– divaina

60,040 Viewers

9 Comments to “ගෝටාභය අතහැර සජිත්ට සහාය දෙන්නැයි චන්ද‍්‍රිකා කියයි..”

  1. Hudson says:

    Whats the difference you idiot? u do the same thing. Bond scams, dodgy deals, selling government land, legalising maradsa schools. you guys are rogues.

  2. suminda says:

    thopi katuuso wage paata maaru kalata.. janathwa inne rata godanagana, ratata adare…Gootabaya rajapaksha saha Mahinda Rajapaksha ekka witharamaiy. thopi salli walata ammala wikunuwata.. rate janathawa ehema pahath wada karanne naha. eka thama thopeiy, ratata adare karana janathawageiy .. pradana wenasa. umbala paksha maaru karana hama welema janathawath thope passen enawa kiyala nam heenekinwath hithanna epa. me chanden thopi wage katusso halala.. ratata wadak karanna puluwan buddimath tharunayanta .. rate palanaya bara karanawa. dan minissu moodaiy kiyala nam hithanna epa. thope musala munu dakalama ratatath, janathawatath wagathuwak naha.

  3. SL says:

    Bomb entire diyawannawa when 225 gathered inside ,best way to get rid of these blood sucking leeches All need power to loot the country!

  4. සිංහල බන්ඩා says:

    අමරෙලගෙ කතා අහල කුලය අනුව චන්දෙ දෙන අය ටිකක් හුංගම පැත්තෙ ඇති. නමුත් අද බහුතර සිංහල ජනතාව ගෝඨාභයට ඡන්දය දුන්නෙ රට ගැන හිතලය්.

  5. Saradiel says:

    චන්ද්‍රිකා දැන් අවලංගු කාසියක් ඇගේ කථා ගණන් ගන්න එපා

  6. Gihan Indunil says:

    Adoo….. chandrika… thooo ammage nama kawaaaa……. pala GUNASIRIPURA paththe ege thiyana prasidda job ekata uba ela…….. MONAWADA DAN ITHURU WELA THIYENNE..kawda ban mekiwa ganan ganne…..
    Sajiyage dainamowata asa hithunada….. vijaya kumarathunga thama innawa meyawa nobanda nam

  7. exSLFP says:

    Amare and Chandrika both are in same boat, useless characters.

  8. Aurora says:

    එතකොට ඒකාබද්ධ විපක්‍ෂය හැටියට UNP එකට එරෙහිව කටයුතු කරපු කණ්ඩායමට එකතු නොවී ආප්ප සිර පසුපස යමින් UNP එකට පන්දම් ඇල්ලුවේ ඇයි ? ඒකාබද්ධ විපක්ෂයේ හිටියම ඇමතිකමක් නොලැබෙන නිසා නේද? කිතුලට නැගුණ මිනිහාගේ ජාතියේ උත්තර දීල චන්දෙන් ගොඩ යන්න බැහැ.

  9. මෛත්‍රී says:

    මොන පච දැන් කියුවත් එන චන්දෙන් තොපි ගෙදර. තොපි UNP එකට ගිහිල්ලා රට කැවා. උබලා එකට වගකියන්න ඔනෙ.

Main News