ගෝටාභය අත්අඩංගවට.. නව අධිකරණ පනතින් සති හතරකින් නඩු තීන්දුව… කෙලින්ම වැලිකඩ හෝ බෝගම්බරට.. ඒකාබද්දයේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවතට..
May 10, 2018 at 10:49 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සැලැස්මක් ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.
එහි කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.
මෑතකදී සම්මත කරන ලද අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අනුව ඉතා නුදුරේදීම ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගෙන සති හතරක් ඇතුලත නඩුව අසා දෙන තීන්දුව අනුව ගෝටාභය වැලිකඩ හෝ බෝගම්බර හිරගෙදර දැමීම සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.
ත්‍රිපුද්ගල මහාධිකරණයකින් නඩුව ඇසු නිසා ඇප නොලැබෙන බවත් ශේෂ්ඨාධිකරණයේ ඇප ඉල්ලූවද එය ලයිස්තුවට ඒමට පමණක් වසර එකහමාරක් ගතවන බවත් ඒ වන විට 2020 ජනාධිපතිවරණය අවසන් වී තිබෙන බවත් ඔහු සදහන් කලේය.
එවන් තත්වයකදී ඒකාබද්ද විපක්ෂයෙන්ද ගෝටාභය රාජපක්ෂ මහතාට නාම යෝජනා නොලැබෙනු ඇතැයිද ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා හට බොරු චෝදනා කර බොරු සාක්ෂි හදා බන්ධනාගාර ගතකිරීමට යහපාලන ආණ්ඩුවට පුළුවන්. නමුත් එම තත්වයට මුහුණ දීමට අභීත ගෝඨාභය රාජපක්ෂ මහතා හට හැකියි. එවිට මීළඟ ජනාධිපතිවරනයේදී ප්‍රමුක සටන්පාඨය විය යුත්තේ බෙදුම්වාදීන්ගේ ඕනෑකමට කරනලද එම අවලන් ක්‍රියාව ආපසු හැරවීමට මහජනයා පෙලගස්වීමයි. ගෝඨාභය රාජපක්ෂ මහතා හට බොරු චෝදනා ඉදිරිපත් කිරීම යහපාලන පාදඩයන්හට පාරාවළල්ලක් කරමු.
They write the judgment before the case is filed. US and Iraq also did the same thing to Sadam Hussein. This is call the five star democracy. All balls.