ගෝටාභය අත්අඩංගුවටගෙන නාමයෝජනා දිනයේදී රිමාන්ඩ් කර නාමයෝජනා අත්සන් කිරීම බැරි කරවන්න සූදානම්..

September 22, 2019 at 3:26 am | lanka C news
ගෝටාභය අත්අඩංගුවටගෙන නාමයෝජනා දිනයේදී රිමාන්ඩ් කර නාමයෝජනා අත්සන් කිරීම බැරි කරවන්න සූදානම්..

විපක්ෂ නායක කාරයාලයේ පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබිය දී මෙවැනි විර්මශනයක් ආරම්භ කර තිබීම නිසා අවසන් මොහොතේ ගෝඨාභය මැතිතුමා හිරේ දාලා ඡන්දය ඉල්ලීම් අවස්ථාව අහිමි කරන්න ගෝඨා භය කියන භයානක රෝගයෙන් පෙලෙන මේ ආණ්ඩුව කටයුතු කරන බවට ජනතාව තුල කුකුසක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ නීතිමය තත්වය පැහැදිලි කිරීම අපේ යුතුකමක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89(ඈ) වගන්තිය අනුව යම් පුද්ගලයෙකු වසර දෙකකට නොඅඩු සිර දඬුවමක් නියම වී එයින් මාස හයක් සිර දඬුවම විඳ ඇත්නම් වසර හතකට මැතිවරණයකට තරග කරන්න බෑ. එහෙම නම් ගෝඨාභය මැතිතුමාට එරෙහිව හෙට නඩුවක් පවරලා හෙටම තීන්දුව දීලා වසර දෙකකට වැඩි සිර දඬුවමක් නියම කළත් එතුමාට ඡන්දය ඉල්ලන්න බාධාවක් නෑ. ඇයි? නාමයෝජනා භාර දෙන දිනය වන විට සිර දඬුවමෙන් මාස හයක් ගත වී නැති නිසා. අද සිට නාමයෝජනා සඳහා තිබෙන්නේ දින 15ක පමණ කාලයක්. එතුමාව සිරගත කරලා එතුමාට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව අහිමි කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තිබෙනවා නම් කාලයා විසින් එම කුමන්ත්‍රණය දැනටමත් පරාජය කර හමාරයි.

තවත් සමහරු මෙහෙමත් අහනවා. මේ කුරුමානම අල්ලන්නේ නාමයෝජනා දිනයේ දී අත්අඩංගුවට අරගෙන නාමයෝජනා භාර දීම වලක්වන්න නේද කියලා. ආණ්ඩුව ඇත්තටම එහෙම සිතා ගෙන ඉන්නවා නම් ආණ්ඩුවට වැරදිලා. 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනතේ 13(1) වගන්තිය අනුව ජනාධිපතිවරණ නාමයෝජනා භාර දීම අපේක්ෂකයාට හෝ ඔහුගේ නම යෝජනා කරන තැනැත්තාට කරන්න පුළුවන්. 12(1) වගන්තියෙන් කියනවා කාටද නාමයෝජනා පත්‍රයට අත්සන් කල හැක්කේ කියලා. පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉල්ලනවා නම් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා. ගෝඨාභය මැතිතුමා ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්. ගෝඨාභය මැතිතුමාට හෝ පොදුජන පෙරමුණේ ලේකම්තුමාට නාමයෝජනා භාර දෙන්න පුළුවන්. සිරගතකලත් රක්ෂිත බන්ධනාගාර ගත කලත් ගෝඨාභය මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නතර කරන්න මොන සක්කරයටවත් බෑ කියන එක අපි ඉතාම වගකීමෙන් කියනවා.

ඔච්චරටම ආසාවක් තිබෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහතා හිරේ දාන්න කරුණාකරලා ඒක කරන්න. ඉන් අපිට වාසියක් මිස අවාසියක් නෑ. ලංකාවේ තිබෙන අනුකම්පා ඡන්ද අනුව නම් ඡන්ද කාලයේ හිරේ දාන එක අපට වාසියි. 1988 දී කලුතර දිස්ත්‍රිකයෙන් කෝඩුකාර අප්ක්ෂකයෙක් ඉදිරිපත්වුණා තිලත් කරුණාරත්න මැතිතුමා. මැතිවරණයේ මැද තිලක් කරුණාරත්න මැතිතුමාව හිරේ දැම්මා. එතුමාගේ ආධාරකරුවන් පෝස්ටරයක් ගැහුවා තිලත් කරුණාරත්න සිපිරිගෙයින් මැතිසබයට කියලා. ප්‍රතිඵලය මොකද්ද? රත්නසිරි වික්‍රමනායක, අනිල් මුණසිංහ, නෙවිල් ප්‍රනාන්දු වැනි දැවැන්ත චරිත පස්සට තල්ලු කරලා කෝඩුකාර තිලක් කරුණාරත්න මැතිතුමා මනාප ලැයිස්තුවේ පළමුවැනියා වුණා.

ඒ වගේම 2010 දී මැතිවරණය මැද පාලිත තෙවරප්පෙරුම මැතිතුමා හිරේ දැම්මා. ප්‍රතිඵලය? එතුමා මනාප ලැයිස්තුවේ පළමුවැනියා වුණා. 2015 මැතිවරණයේ දී ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිතුමාව හිරේ දැම්මා. රත්නපුරේ හැමදාම පළමුවැනියන් වන පවිත්‍රා මැතිණිය සහ ජෝන් සෙනෙවිරත්න මැතිතුමා පහලට ඇද දමලා ප්‍රේමලාල් මැතිතුමා පළමුවැනියා වුණා.

ඒ නිසා මේ වෙලාවේ ගෝඨාභය මැතිතුමා හිරේ දාන එක අපේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දෙන සහයෝගයක් හැටියටයි අපි දකින්නේ. ඒ උදව්වත් බාරගන්න අපි සූදානම්.

– අරවින්ද අතුකෝරල

42 views

14 Comments to “ගෝටාභය අත්අඩංගුවටගෙන නාමයෝජනා දිනයේදී රිමාන්ඩ් කර නාමයෝජනා අත්සන් කිරීම බැරි කරවන්න සූදානම්..”

  1. Sena says:

    බලා හිටහන්..

    • එක්නැලිගොඩ says:

      බලා ඉන්න කියන්නේ හිරෙ යනකම්ද. ගොඨාභය හිරෙ දාල නවත්තන්න බෑ කියල මෙම කියන්නේ. හරියට කියවපං

  2. Buwa says:

    ඒ කියන්නෙ පොර හිරේ යන්න වගේ

    • merata eka says:

      angoda lokkatath dan thiyenne apa mudal
      thanpath karala janadipathiwarenata idiripath wennai..
      gammanpila theory eka anuwa lokka goda..

    • මව්බිම says:

      තොපෙ ජහපාලන සෙට් එක තමයි හිරෙ යවන්න ඕනෑ. නීතිය නමක් හිකනල්ලු.

  3. අනේ අපොයි says:

    ඔය පොයින්ට් එකම අනිත් පැත්තට උනොත් ? මළා නේද !

  4. මැදමුලනෙ මුත්තා says:

    ගෝඨාභයට එයාගෙ ජන්ද ව්‍යාපාරය කරගෙන යන්න ඉඩදෙන්න. නිතරම මාධ්‍ය සාකච්ඡා පවත්වල බොරැ හිස් බොළඳ කතා ගොතන්න එපා. මෙයාව මාධ්‍යවලින් දැකලම මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නෙ.

    • john the baptist says:

      මුත්තේ උඹට එපා උනාට වෙන කාටවත්නම් එපා වෙලා නෑ.
      ගම්මන්පිල මැතිතුමා උත්තර දෙන්නෙ ජනතාව අහන ප්‍රශ්න වලට.
      .

    • 20/20 says:

      අනේ පල පල යන්න ජේවිපි මුත්තා තෝ මුත්තා නෙමේ මම කියන්නේ නැහැ පල් හොරා ඒ ගැන ප්‍රසිද්ධියේ අහගන්න එපා

    • අනේ පව් says:

      ඒ මනුස්සය ඇත්තනෙ කියන්නෙ. බලාගෙන ඉන්න බැරි ඉතින් රනිල්ගෙ ගො‍ටු පප්පලට තමයි.

  5. Man says:

    aparada walata daduwam kriyathmaka karnne usawien man…dodawanna epa.
    gota is a crimibal man.

  6. Tngo says:

    Muta nam hodatama pissu hamadama kale vikara kiya vana ekkai, VIMAL ta pinsidda wenna adath Mahinda ekka natnam adae HUNP thama meyath.

  7. පොරමෝලා says:

    ඔය වගේ ජිල් මාට් දාල ජනමතය වෙනස් උනත් වෙන්නේ ජිල් මාට් දමන ඈයින්ට අවාසි වන පරිදි බව මෙම ගොං තකතිරුවන්ට තේරෙන්නෙ නැද්ද ?

  8. john the baptice says:

    2020 යහපාලන රජයේ වැඩිදෙනෙක් හිරේ තමයි ලෑස්තිවෙලා හිටපල්ලා, දැන් කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා

Main News