ගෝටාභය අත්අඩංගුවට ගන්න ඉතා පැහැදිලි හේතු තිබෙනවා.. නමුත් ජනාධිපති ඊට බාධා කරනවා..- බාහු

May 14, 2018 at 2:10 pm | lanka C news
ගෝටාභය අත්අඩංගුවට ගන්න ඉතා පැහැදිලි හේතු තිබෙනවා.. නමුත් ජනාධිපති ඊට බාධා කරනවා..- බාහු

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම සදහා ඉතාම පැහැදිලි හේතු ඇති බව ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

එසේ තිබියදීත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනිම වළක්වාලමින් සිටින බවද ඔහු සදහන් කරයි.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කල අය මෙන්ම මාධ්‍යවේදීන්ට හිරිහැර කල අය අත්අඩංගුවට ගැනීමටද ඉඩ නොදෙන්නේ ජනාධිපතිවරයා බවද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

මේ ආකාරයට රටක් පාලනය කල නොහැකි බවද කී ඔහු එක්කෝ ජනාධිපති බලයෙන් පාර්ලිමේන්තුව යට කල යුතු බවත් නැතොත් පාර්ලිමේන්තුව විසින් ජනාදිපති බලතල උදරුගත යුතු බවත් ඔහු සදහන් කලේය.

344 views
Main News