ගෝටාභය අපේක්‍ෂක කල සැණින් විරෝධය පා මන්ත‍්‍රී පිරිසක් ඉවතට..?

July 26, 2019 at 10:40 am | lanka C news
ගෝටාභය අපේක්‍ෂක කල සැණින් විරෝධය පා මන්ත‍්‍රී පිරිසක් ඉවතට..?

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නම් කළ පසු දැනට පෙරමුණට සහාය දෙන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පක්ෂයෙන් ඉවත් වීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

එසේ ඉවත් විය හැක්කේ කුමාර වෙල්ගම මහතා ඇතුළු මන්ත්‍රිවරු කිහිපදෙනකු යයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් කුමාර වෙල්ගම මහතා වැනි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු අහිමිවීම පාඩුවක් යයිද වෙල්ගම මහතා සමගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමිනි.

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ස්ථිරවම ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් යයිද ජනාධිපතිවරණය දිනාගැනීමට හැකි මට්ටමේ කිසිම නායකයකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

25 views

28 Comments to “ගෝටාභය අපේක්‍ෂක කල සැණින් විරෝධය පා මන්ත‍්‍රී පිරිසක් ඉවතට..?”

  1. charles says:

    President is decided by people of SL. Not by few people. Even MR chooses wrong person, it will not guarantee the victory.

Main News