ගෝටාභය අපේ සමාගමේ ගුවන් ගමනක් වෙන් කර නෑ..- Emirates කියයි..

November 11, 2019 at 12:00 pm | lanka C news
ගෝටාභය අපේ සමාගමේ ගුවන් ගමනක් වෙන් කර නෑ..- Emirates කියයි..

නොවැම්බර් 18 වන දා ගෝඨාභය රාජපක්ෂ මහතා නමින් තම සමාගමේ කිසිදු යානාවක ගුවන් ටිකට්පතක් වෙන් කරගෙන නැති බව එමිරේට්ස් ගුවන් සේවා සමාගම සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසු නොවැම්බර් 18 වන දා ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් බලා පිටත්වීමට ගුවන් ටිකට්පත් වෙන්කරගෙන ඇති බවට පලවූ වාර්තා සම්බන්ධයෙසන් ප‍්‍රතිචාර දක්වමින් සමාගම මේ බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය හිතවාදී සමාජ ජාල ගිණුම් වලින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ගුවන් ටිකට්පතක් බෙදාහැර තිබූ අතර ඒ පිලිබද ප‍්‍රතිචාර දක්වමින් සමාගම මේ බව කියා සිටියේය.

මේ අතර ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාද සඳහන් කරන්නේ ගෝටාභය රාජපක්ෂ මහතා නොවැම්බර් 18 වන දා විදේශගත වීමට කිසිදු සූදානමක් නැති බවයි.

මේ වන විටත් රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය පැත්තේ අධිකරණය භාරයේ බවත් එය මේ වන තෙක් මුදාහැර නැති බවත් ඔහු සඳහන් කළේය.

183 views

9 Comments to “ගෝටාභය අපේ සමාගමේ ගුවන් ගමනක් වෙන් කර නෑ..- Emirates කියයි..”

  1. Eiffel says:

    අලි වහල්ලුන්ට අමතක වුනා ගෝඨාගෙ passport එක උසාවියෙ කියලා.. එහෙම නැත්නම් ඕකුන් දන්නෙ නෑ රට යන්න passport ඕනා කියලා….😂😂😂

    • Alapaluwa says:

      මේ ගොන් හැත්තට දැන් උතුර දකුණ මාරුවෙලා මාරු කියවනවා.බොරුවක් වුනත් අත්තක් විදියට කරගන්න බැරි පොල්බුරුවෝ රැළක්

  2. මාතර සුනිල් says:

    18 වෙනිදා ගෝට පිටත්ව යනවා. ඒ දැනට ඉන්න ගෙදරින් ජනාධිපති මන්දිරයට.

  3. Lakshman says:

    Is there a possibility to lodge a court case in this regard?

  4. අතේ මාට්ටු says:

    බොලව් Air Ticket එකේ කවදාවත් බණ්ඩාරනායක Air Port කියල එන් නෑ.
    එන්නේ CMB කියලා. ඕන කෙනෙක් ගිහින් Ticket book කරන්න ගිහින්ල බලාපල්ලා. රට නොගිය ගොන් හරක් ⁣මේ ගොන් වැඩ කරන කොට අතේ මිට්ටුයි.

  5. ගූඇන්පී කිරිපනුවා says:

    අපරාදෙ කවුරු උනත් මහන්සි වෙලා බුක් කරපු ටිකට් එක.
    මාධ්‍ය සාකච්ඡාවක් තියලා හීනියට රෝල් කරලා ඇර ගත්ත නම් හරි

  6. පොලේ මුදලාලි says:

    ඔය බොරු කියන්නේ . අපේ පොලේ ගුවං ටිකට් ලැයිස්තුවෙත් ඔය කියන නම තිබ්බා . ගුවං යානෙ පුටුවකුත් නම ගහල තියෙනවත් දැක්ක ඕං .

  7. MAKO says:

    Karanalada siyalu uthsayan aapasu karaki parawalallak wee atha. Munta viruddhawa makota saha adikaranayata paminilikara nisi danduwam laba diya yuthui!

  8. lalith.perera says:

    18 wenidhaa Gotabaiia USA yanne Ethihad Airways eke…

Main News