ගෝටාභය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගනී..? ජනාධිපතිවරණයේ නුසුදුසුකම අහෝසියි…??

February 14, 2018 at 12:06 am | lanka C news
ගෝටාභය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගනී..? ජනාධිපතිවරණයේ නුසුදුසුකම අහෝසියි…??

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා දිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීම සදහා ඉල්ලුම් කර ඇති බව විකිපීඩියා වෙබ් අඩවියේ දැක්වෙයි.

එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කිරීමට පූර්ව තත්වයේ ඇති බවයි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ යයි වාර්තා පල වුවත් ඒ මහතා කිසිදු එවන් ප‍්‍රකාශයක් සිදු කර නැත.

19 වන සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට මෙරට කිසිදු මැතිවරණයකට තරග කිරීමට හැකියාව නැත.

කෙසේ වෙතත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සදහන් කරන්නේ මෙය අසක්‍ය පුවතක් බවත් තමන් එසේ කටයුතු කර නැති බවත්ය.

කෙසේ වෙතත් මේ වන විට විකිපීඩියා වෙබ් අඩවිය එම සටහන ඉවත් කර ඇත.

විකිපීඩියා වෙබ් අඩවිය මුලින් දැක්වුනු ආකාරය හා පසුව දැක්වෙන ආකාරය පහතිත් දැක්වෙයි.

132 views

35 Comments to “ගෝටාභය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගනී..? ජනාධිපතිවරණයේ නුසුදුසුකම අහෝසියි…??”

  1. මේ රටට කොයි නායකයා ආවත් රට දියුනුකරා ගෙනයන්න ලේසි නැහැ හේතුව රටේ ජනතාව තමන්ගේ රටට තියෙන ආදරය නැතිකම රැකියාකරන බහුතරයක් දවසේ පැයඅට වැඩකරන්නේ නැත දවසට පැය තුනක සේවයක්වත් ඔය පැය අට තුල කරනවාදැයි සිතිය නොහැකි තරම්.අපට වැඩි දියුනු රටවල ජනයා තමන්ගේ පැය අටේ සේවය හරියට කරන මිනිස්සු.ඒ දායකත්වය රටේ දියුණුවට විශාල දායකයක් වනවා.රටේ ජනතාව කම්මැලියි නිකම් ඉඳලා කන්න හරි කැමතියි එහෙව් අය එකඑක්කෙනාට ඇගිලි දික්කර ගන්නවා….අපේ රටට දැන් අවංක එඩිතර ජාතියට රටට ආදරේ නායකයෙක් උවමනාය ඔහුට රට බාරදිය යුතුය අවුරුදු 20ක් ඡන්ද පැවැත්නොවිය යුතුය හේතුව විරුද්දවාදී බොරුවෙන් රට අස්තාවර කිරිම.රටේ නීතිය සැමට පොදුවිය යුතුය නායකයාගේ අනට සියලු දෙනා අවනත විය යුතුයි පාලකයන්ගේ වගකීම රටේ ආදායම වැඩි කිරීම රට සන්වර්ධනය කිරීම තරාතිරම් නොතකා දූෂනයේ යෙදෙන්නන් නීතියට බාරදීම– මේ තුලින් ස්ඨාවර රජයක් බිහිකල හැක ඒ තුලින් ජනතාව බලාපොරොත්තුවූ සහන ලබාදිය හැක.

  2. චාමර says:

    මේ රට නැවත ගොඩගෙන සමෘද්ධිමත් ලංකාවක් බවට
    පත්කල හැකි එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ
    මැතිතුමායි.

  3. තිසරණ ගෝටාභය විරුවනෙනි . රාජපක්සවරු කිසිදිනක පොදු ජන පැතුම් වලට හා තම මව්බිමට පිටුනොපාන බව නැවත නැවතත් ඔප්පු වෙමින් ඇත.
    ආශ්චර්යවත් රටක් ද. ආසියාවේ දැකීමට නියතය.

  4. Agamulana maraa says:

    2020 janapathi satanata enawaa.jayagrahanaya karanawaa. pohottu aanduwak hadanawa. E aanduwe MARAA agamethi wenawaa. inpasu Gotaa janapathi thanathurin illa aswenawaa.wyawasthaawa anuwa MARAA janapathi wenawaa. kohomada tikiri mole?