ගෝටාභය ඉදිරිපත් කල ආර්ථික ප‍්‍රතිපත්තිය චීන ජනාධිපතිගේ ආර්ථික ප‍්‍රතිපත්තියයි.. මීලග ජනාධීපති අපේක්‍ෂකයා ගැනත් මහින්ද කියයි..

May 26, 2018 at 10:00 am | lanka C news
ගෝටාභය ඉදිරිපත් කල ආර්ථික ප‍්‍රතිපත්තිය චීන ජනාධිපතිගේ ආර්ථික ප‍්‍රතිපත්තියයි.. මීලග ජනාධීපති අපේක්‍ෂකයා ගැනත් මහින්ද කියයි..

ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් වියත් මග සමුලූවේදී ඉදිරිපත් කරන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය චීන ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්තියට සමාන බවක් පෙනෙන්නේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එනිසා එම ප‍්‍රතිපත්තිය සම්බන්දයෙන් සලකා බැලීමට කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

මල්වතු මහ නාහිමියන් පැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ගෝටාභයට බෑ කියා මංගල සමරවීර ඇමතිවරයා විසින් ප‍්‍රකාශ කරන්නේ ඔහුට පුළුවන් නිසා යයි ඇමති මංගලගේ පෙර ප‍්‍රකාශයක්ද උපුටමින් රාජපක්‍ෂ මහතා සදහන් කලේය.

2020 ඒකාබද්දය නියෝජනය කරන ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තමන්ද සොයා බලමින් සිටින්නේ යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

52 views

2 Comments to “ගෝටාභය ඉදිරිපත් කල ආර්ථික ප‍්‍රතිපත්තිය චීන ජනාධිපතිගේ ආර්ථික ප‍්‍රතිපත්තියයි.. මීලග ජනාධීපති අපේක්‍ෂකයා ගැනත් මහින්ද කියයි..”

  1. chandapala says:

    බලන්ඩ දෙයක් නැත . ගෝඨාම තමයි හරි .

Main News