ගෝටාභය කියන දේ සජිත් අමුවෙන්ම කොපි කරයි.. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයත් කොපි කර මාට්ටුයි.. පත්තරේටත් දාලා..

October 26, 2019 at 3:00 pm | lanka C news
ගෝටාභය කියන දේ සජිත් අමුවෙන්ම කොපි කරයි.. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයත් කොපි කර මාට්ටුයි.. පත්තරේටත් දාලා..

ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසන දේවල් හැරෙන තැපෑලෙන් ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා කොපි කරන බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය එලිදැක්වීමට අදාල දැන්වීමක් උපුටා දක්වමින් ඔහු මේ බව සදහන් කලේය.

‘ගෝඨාභය කියන්නේ මොකක්ද හැරෙන තෑපෑලෙන් සජිත් ඒක කොපි කරනවා. පොහොර නොමිලේ දෙනවා කිව්වම මම වී වලට විතරක් නෙමෙයි හැම වගාවටම නොමිලේ දෙනවා කිව්වා. වතු කම්කරුවන්ට රුපියල් 1000 ක් පඩි දෙන්ව කිව්වම මම 1500 ක් දෙනවා කිව්වා.

කෘෂි නිශ්පාදන ප්‍රති අපනයනය තහනම් කරනව කිව්වම ඒක කොපි කලා. අසාධාරණ ලෙස ජනතාව මත් බර පැටවූ ක්ෂුද්‍ර ණය කපාහරිනව කිව්වම ඒකත් කිව්වා.

උසස් පෙල සමත් වෙන සියලු සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් යන ගෝඨාභයගේ සංකල්පයත් මෙන්න අද කොපිකරලා.

ගෝටාභය කිව්වට පස්සේ ලමයින්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්නා ඕනෙ කියලත් අවුරුදු 5 ක් තිස්සේ රට කරන අයට මතක් වෙලා.

ඊයේ ගෝටාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදක්වපු නිසා දැන් කට්ටිය නිදිමරාගෙන එයාලගේ ප්‍රතිපත්ති හෙවත් ගෝටාගෙන් කොපිකල ප්‍රතිපත්ති ප්‍රකාශය හදන හැටි හිතා ගන්න පුලුවන්.

ඒ අස්සේ හර්ශ ඩි සිල්වා ට්වීට් කරනවා ගෝට කියන දේවල් කරන්න බැහැ කියල. අහගන්නකො සජිත්ගෙන්’

– නාලක ගොඩහේවා FB

100 views

8 Comments to “ගෝටාභය කියන දේ සජිත් අමුවෙන්ම කොපි කරයි.. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයත් කොපි කර මාට්ටුයි.. පත්තරේටත් දාලා..”

  1. සිංහලයා says:

    සජිත් අමු මෝඩයෙක් කියලා රටටම තේරුම් ගිහින් අවසන්.හංසයා වලපල්ලට යනවා නොවැම්බර් 17.

  2. kawinda says:

    Harsha thinks that he is a veteran in financial field. ane mage kata..!

  3. True politics says:

    You may copy things , but the driving force behind the plan is what matters.

    Sajith will not listen to anyone like his farther , he will not allow any other person to work and you can expect nothing from him.

    Vote for Gota.

  4. රන්බණ්ඩා says:

    අවුරුදු ගණනකට පස්සෙ රටේ බොහොමයක් කුඹුරු යායන් වල වක්කඩවල් වලින් දින ගණනක් තිස්සේ වතුර ගලාගෙන යන හඬ ඇහෙනවා බොලව්.
    රටේ ජනතාවට මොන අමාරුකං තිබ්බත් දෙපාරක් නොහිතම හැම කුඹුරකම වැඩත් පටන් අරන්.
    දෙයියන්ගෙ පිහිටෙන් අහන්න දෙයක් නැහැ, අස්වැන්නත් යසටම ලැබේවි.
    ඒ එක්කම රටේ ජනතාවටත් රට සශ්‍රීක කොරන නායකයාත් තව නොබෝදිනකින්ම ලැබේවි.
    වෛරය, පළිගැනීම් පසෙක ලා ඔහු රටේ පීඩිත ජනතාව වෙනුවෙන්ම කැප වේවි.
    ඉඳින්…සොබාදහමද මේ සැරසෙන්නේ ඒ වෙනස වෙනුවෙනි.

  5. 77 UNP says:

    “77 UNP says:
    October 25, 2019 at 7:11 pm
    දැන් සජිත්ට ප්‍රතිපත්ති ප්‍රකශනේ හදන්න පුළුවන්. Copy , Paste විතරයි ඕන.”
    රටම දන්නවා සජිත් අමු මැට්ට කියල.

  6. Araliya says:

    Well said

  7. Ratnamalala says:

    දැන් උඩදාගෙන සජිත්ට සපෝට් කළාට පොන්සේකා වේලාසනම කිව්වා මෙයාට කිසිම දැක්මක් දර්සනයක් නැහැ කියල. අමුම අමු මැට්ටෙක්.

Main News