ගෝටාභය කොටු කරන්න රහස් පොලිසියේ 20ක් මැදමුලනට පනී..

September 4, 2019 at 2:10 pm | lanka C news
ගෝටාභය කොටු කරන්න රහස් පොලිසියේ 20ක් මැදමුලනට පනී..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම 2005 වසරේ ඡන්ද හිමි ලේඛණයට ඇතුලත් වූයේ කෙසේදැයි පරීක්‍ෂණ පැවැත්වීමට රහස් පොලිසිය වෙනම ඒකකයක් යොදවා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දැනටමත් රහස් පොලිසිය 20 ක පමණ කණ්ඩායමක් ඒ ගැන සොයා බැලීමට මැදමුලනට ප්‍රදේශයට ගොස් ඇති බවද ඔහු පැවසීය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් අයුරු සොයා සොයා බලන්නැයි ඊයේ දින සිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද රාජපක්ෂ මහතා කියා සිටියේය.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට වගකිව යුත්තන්ට දඬවම් දීමට එතරම් උනන්දුවක් නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

කොලඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් හැකි උපරිම උත්සාහ දරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය

30 views

11 Comments to “ගෝටාභය කොටු කරන්න රහස් පොලිසියේ 20ක් මැදමුලනට පනී..”

  1. If they are not scared, come and give a good fight ,instead of trying to find ways and means to prevent him coming. Do not try to introduce a bad culture to the country and it’s democracy.

  2. john the baptice says:

    මේ හොයන අයට පසුව දුක්වෙන්න සිදුවෙනවා අබසරණයි

  3. john says:

    Now the CID is Under the President. So that means President Sirisena is behind these 3rd class acts. Not the UNP. Then whats the point of having discussions by SLPP with SLFP?

  4. MD says:

    ගෝඨාභය නමේ ගෝ කැල්ලේ ස්පිල්ල නැහැලු.නඩුවක් දාන්න යන්නෙ.

  5. Gotaimbara says:

    This is what the Yahapalanaya did for five years. Still no results. Just like how they developed the country.

  6. ඇත්ත යථාර්ය says:

    මේ සියල්ල ‌ෙගෝඨාට ඇභය නිසයි. දන්නවා සුනාමියට අසු වුණා වගේ සියල්ල පරාජ වී යන බව.

  7. අක්බාර් ලොක්කා says:

    පොලීසිය සහ නීතිපති මෙහෙයවන්නේ ජනාධිපති නේද? එතකොට මෙම දේශපාලන මෙහෙයුම් සිදු කරන්නේ කවුද? ඒවා ජනතාවට හෙලි නොකර ජනතාව තීන්දු ගන්නේ කෙසේද?

    • Kadiya says:

      Sirisena is the leader who lead all against pohottuwa and Gotabaya. Don’t trust this appa lyer who cheated party and the leader and party members in 2014. Now he need priminister ship and going to devide UNP too. Sajith is a fool bcs he trusts this lyer.

  8. Lebbe says:

    Kauda kare kiyala eliweyi thawa masa 4 kin withara.

  9. සිරිසේන මහ ලොකුවට විනය ක්‍රියාමාර්ග ගන්න හඳනවා පක්ෂයෙන් ගිය අය වෙනුවෙන්. එතකොට හුඇන්පියේ ජනාධිපති වුනේ කොහොමද මන්දා. මේ මෝඩ හිකනැල්ලටත් තියෙන්නේ බල තන්හාව. වටේ ඉන්න කේවට්ටයෝ කියන්නේ මොකක්ද මේ යකා ක්‍රියාවට නංවනවා. මිනිහා හිතන්නේ සජියා ජනාධිපති කරලා මිනිහා අගමැටි වෙන්න. ඔක්කෝම තියලා දැන් ගෝඨාභය මහතාගේ පස්සෙන් පන්නනවා. පොලොවෙන් උපන් මිනිසානෙනි දැන ගනිව් අපි මේ ලෝකෙට ආවේ මව් කුසකින් කියලා අනික අෂ්ඨ ලෝක ධර්මය කියලා දෙයකුත් තියෙනවා හොදේ.

Main News