ගෝටාභය ගැන ඇල්ලු ඔට්ටුව පැරදී දේපල පරාදයි..

August 14, 2019 at 10:11 pm | lanka C news
ගෝටාභය ගැන ඇල්ලු ඔට්ටුව පැරදී දේපල පරාදයි..

පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගෝටභය රාජපක්ෂ මහතාගේ නම්නොකරන බව පවසා සිය යතුරුපැදිය ඔට්ටු ඇල්ලු පුද්ගලයෙක්  යතුරුපැදිය අහිමිකරගෙන ඒ සඳහා ප්‍රදේශයේ පසිද්ධ ස්ථාන තුනක ගොටභය රාජපක්ෂ මහතාගේ සුභ පැතුම්  පුවරු සවිකරදීමට අනෙක් ඔට්ටුකරුගේ එකඟතාවය ඉල්ලු පුවතක් වඳුරඹ ඌරල ප්‍රදේශයෙන් වාර්තාවේ.

නාගොඩ ප්‍රාදේශීය සභාවේ සේවය කරන සුළු සේවකයින් දෙදෙනෙකු පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝටභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා නොකරන බවට එක් සේවකයකු පවසා තිබේ.එහෙත් අනෙක් සුළු සේවකයා පවසා ඇත්තේ ගෝටභය රාජපක්ෂ මහතා නියත වශයෙන් නම් කරන බවයි.

ඒ අනුව දෙදෙනා විසින් පැමිණි එකඟත්වයට අනුව එක් සේවකයෙකු  එක්ලක්ෂ පනස් දහසක මුදලක් ඔට්ටු අල්ලා ඇත.අනෙක් සේවකයා සන්තකයේ මුදල් නොවූ තැන ඔහු විසින් නීතිඥයකුගේ ඉදිරියේ තම යතුරුපැදිය ඔට්ටු අල්ලා ඇත.

කෙසේ නමුත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝටභය රාජපක්ෂ මහතා නම් කිරීමත් සමග එක් සේවකයෙකු ඔට්ටුවෙන් පරදී ඇත.

ඔට්ටුවෙන් පැරදුනු සේවකයා ගිවිසගත් පරිදි ඔට්ටුව බේරාගැනීමට යතුරුපැදිය ලබාදීමට මැලි වුයේ  යතුරුපැදිය ලබා දුනහොත් තම රාජකාරි කටයුතු සිදු කරගැනීමට නොහැකි බැවින් ඒ වෙනුවට ගෝටභය රාජපක්ෂ මහතාට සුභ පැතීමේ පුවරු තුනක් ඔහුගේ වියදමින් සවි කරන බවට නීතිඥ මහතා ඉදිරියේ පොරොන්දු වීමෙන් පසු අදාළ ඔට්ටුව නිරාකරණය කරගෙන ඇත.

– දෙනියාය ප්‍රියංක ගමගේ

54,954 Viewers

8 Comments to “ගෝටාභය ගැන ඇල්ලු ඔට්ටුව පැරදී දේපල පරාදයි..”

  1. country man says:

    Very fair deal. This is how intelligent people settle problems.. LONG LIVE GOTA.

    • ගෝමස් says:

      ඕකේ ඊට වඩා ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි ගූඇන්පී සහ රතු අලි හැත්ත ඇත්තටම එහෙම හිතන් ඉන්නැතුව ඇති කියන එක. ඒකනේ දැං රීගන්න බැරුව කෙඳිරිගාන්නේ. පවු නේද?

  2. සිංහලයා says:

    ෂුවර් එකටම පැරදුණු එකා ගූඇන්පී කාරයෙක් වෙන්න ඇති..

    • Kamal says:

      ජෙප්පෙක් වෙන්ඩත් පුලුවන්, මොකද උන්ගෙ නායක රතු අලියා
      අනාවැකි කිව්වනෙ, මහින්දට තනියම රජවෙන්ඩයි ඕනෙ, ඒකනිසා
      ගෝඨාව නම් කරන්නෙ නැහැයි කියල.

  3. me says:

    මේ වගේ ගොන්නු රනිල්ලා,මෛත්‍රීලා,ගෝඨලා,මහින්දලා දින්නත් පැරදුනත් රජ සැප විදිනව බොලං.උන්ට කඩේ යන එවුන්ගෙ තමයි සාක්කුවට පහර වැදෙන්නෙ.

  4. sithmal says:

    හික් හික් හික්.. කොහේවත් ඉන්න දේසපාලුවො නිසා තියෙන බයිසිකල් කට්ටත් නැතිකරගන්න තරම් මෝඩ මොනිස්සු ඉන්න රටක්.. කන්න සල්ලි නැති හිගන්නො ඔට්ටු අල්ලන්නෙ ලක්ශ ගනන්වලින්…

  5. Amarabandu says:

    poddak hitiyanam owa beranna kalin americawe list eka danakan

  6. Great post. І used to be checking constantly thijѕ blоg
    and I’m impressed! Extremely useful information speciaⅼly thе
    ultimate part 🙂 I ddeal with suych info much. I used to bе seeking this particular info
    ffor a long time. Thanks and best of lucқ.

Main News