ගෝටාභය ජනපති ධුරයෙන් අස්වූ ලිපිය මෙන්න…

July 16, 2022 at 2:10 pm | lanka C news
ගෝටාභය ජනපති ධුරයෙන් අස්වූ ලිපිය මෙන්න…

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම සදහා යොමු කරන ලද ලිපිය අද පාර්ලිමේන්තුවේදී කියවනු ලැබීය.

පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කියවන ලද එම ලිපිය මෙසේය.

2022 ජුලි මස 14 වන දින

ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා,
කථානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

ගරු කථානායකතුමනි,

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ප්‍රතිඥා දී 2019 නොවැම්බර් 18 වන දින මා විසින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදී.

ජනාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කර මාස තුනක් ගතවීමට පෙර මුළු මහත් ලෝකයටම බලපෑ කෝවිඩ් 19 මාරාන්තික වසංගත තත්වයට මුහුණ දීමට අප රටට ද සිදුවූ අතර ඒ වනවිට ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය හමුවේ වුවද එකී වසංගත තත්වයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට මා හට හැකිවීම සතුටට කරුණකි. එමෙන්ම කෝවිඩ් 19 වසංගත තත්වයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට 2020 සහ 2021 යන වසරවල වරින් වර රට වසා දැමීමට සිදුවීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීම සහ විදේශ විනිමය හිඟයකට මුහුණ දීමට අප රජයට සිදුවිය. ඒ තුළින් ඇතිවූ අස්ථාවරත්වයන්ට විසඳුමක් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කරමින් සර්ව පාක්ෂික හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මවිසින් හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලද අතර ඒ සඳහා ගත හැකිව තිබූ හොඳම පියවරයන් ගන්නා ලද බව මගේ පෞද්ගලික විශ්වාසය වේ.

පොදු ජනතාවගේ ඉල්ලීම 2022 ජුලි මස 09 වැනි දින ඔබතුමා විසින් මා වෙත දැනුම් දුන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38. 1 (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරයෙන් 2022 ජුලි මස 14 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉදිරි පියවර ගන්නා ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

තවද, මේ දක්වා මා උපන් මව්බිමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කළ පරිදිම ඉදිරියටත් ඒ සඳහා මාගේ උපරිම දායකත්වය ලබාදීමට ඇප කැපවී සිටින බවත් වැඩිදුරටත් දන්වා සිටිමි.

මෙයට,
හිතවත්,

ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති

41,393 views

23 Comments to “ගෝටාභය ජනපති ධුරයෙන් අස්වූ ලිපිය මෙන්න…”

  1. Ranjanee says:

    නාමල් රාජපක්ශ විරුවානෙනි, මාතෘභූමිය බේරාගැනීමට එන්න!

    • jaya says:

      Are you kidding Sri Lankans….Ha…Ha…

    • නාමෝල් විරුවා says:

      එනවා එනවා ආන්ටි ඔයා ඉක්මනට වොශ් එකක්දාගෙන පලල් කරගෙන ලෑස්ති වෙන්ඩකො. මං බේරලා දෙන්නං.

    • aanamaduwe maanavadu says:

      naamal rajapassa hora genunta hukana king vahaama ewilla mage baduwa berala dennako. methana mage wateta pohottuwevun 20k vithara innavaa mage baduwa illalaa porakaagena.—meeta kavadath obe RANJANEE

  2. Rene says:

    We know how you released kudu dumiya and forced USA to release Jaliya such a fucker you tortured girls in president palace such a mentally sick guy

    • Helaraju says:

      We can understand Who is the sick and awajathaka balla

    • SMA Panadura says:

      You may have a political grudge with Gota but to say he tortured girls at the Presidential palace is utterly baseless and false.

    • RATAWESIYO says:

      During your Presidency period , due to some blunders you and your goverment committed , the country is facing the ongoing economic crisis. Nevertheless, your contribution and commitment to end the nearly dragging 30 year war , which every citizen suffered ,cannot be forgotten.

    • Satan says:

      Duminda was released based on the fact that the judgment had been biased as revealed by the Gonja’s telephone conversions.

  3. අපේ ජනපතිතුමනි, එදා සේ අදද අපි ඔබට ගරු කරමි. මන්ද යත් අවලස්සන ගද ගහන කොළඹ නගරය අලංකාර නගරයක් කිරීම

  4. සයිමන් says:

    දැන් වෙන දේවල් දිහා බැලුවම, #GotaComeHome කියන දවස වැඩි ඈතක නෙවෙයි

  5. Gamarala says:

    කෝවිඩ් එකෙනුත් ගසා කාපු වසලයෝ තව මොන කතාද

    • kanga says:

      Ai uba dekkada? UNP and JVP mada patangatte a kalema.unge plan eka une ratata kela unatha kamak ne balaya ganna tibunanan kiyana eka..so hema dema eka deka karala post haduwa…minissue unge geta wala ahu una.

    • kanga says:

      Ai uba dekkada? UNP and JVP mada patangatte a kalema.unge plan eka une ratata kela unatha kamak ne balaya ganna tibunanan kiyana eka..so hema dema eka deka karala post haduwa…minissue unge geta wala ahu una.
      See how many are trying for the president post ….only the power….no one care about the country….if they do care , they should talk , bring one leader to become president and all others can support….

  6. Aththa says:

    සිංහලයා මොඩයා කිවෙ පර සුද්දා

  7. Ravi says:

    A country which chased away a man of Goat’s caliber, deserves the impending suffering. You only have to lose something to realise the valve of it. Thanks Mr. president for all your service over last many years and we are such a ungrateful nation and so unfortunate not to realise your value.

    • Janith says:

      Election campaign without posters
      Not using image in the government institutions
      Lived in a simple house at Mirihana
      Not used vip vehicle parades, he even didn’t block the roads initially
      NOT USED TRI FORCES TO STAY IN POWER WHICH COULD BE EASILY POSSIBLE !!!

      • Mohan says:

        That doesn’t justify the wrong decisions which led to the economic crisis and bankruptcy.

  8. Gamarala says:

    කුරහන් සාටයට මින් ඉදිරියට දේසපාලනයට ඉඩක් නැහැ

    • Kurahan satakayata nethi ida,
      Inferiority syndromayen pelena buuru puthanolatada,
      rata awulana,gothrika, 3%hi rathu hanumanlatada
      Kisiseth nolabena bawata, Sebe yahapath aramunen 69 lakshaye janawarama nimawu piris waga bala ganu atha. Manda yath anekuth dosha resak pewathiyada, rata wenuwen, danena, anupameya sewayak kara atte oya kurahan satakaya pamanak heini.
      P. S. :- Gotabhaya Rajapaksa mathithuma kisida kurahan satakayak nodaruweya. anyan men mulya wanchada sidu nokaleya.

  9. Piyadasa Yalagala says:

    The resign of Gotabaya R….. is matter of in a quesation of a phase in the People’s Revolution of Islanders . Which serve to disguise the old Neo-Liberal system by leadership of UNP Ranil Wicks of Christen idelogist was right-wing reactionary. He badly let down Island Democrcay by since 2015 Jan 8th governaces.

  10. Piyadasa Yalagala says:

    The resign of Gotabaya R….. is matter of in a quesation of a phase in the People’s Revolution of Islanders . Which serve to disguise the old Neo-Liberal system by leadership of UNP Ranil Wicks of Christen idelogist was right-wing reactionary. He badly let down Island Democrcay by since 2015 Jan 8th governaces.He Ranil W….was back door politican that govt can fulfill task of ongoing crisis?
    Can majority people’s of ours Republic be trust set of policies can be turn into reality by overcome ongoing crisis….?
    Hope that is not that POSSIBLE at all under Ranil W…of UNP Regime as President of Island .He will ruin nation again by misusing power of Precideancy of Republic. onwards .

Main News