ගෝටාභය ජනපති මැදුරට නොයයි.. පදිංචිය දිගටම මිරිහාන පුද්ගලික නිවසේ..

November 22, 2019 at 11:20 am | lanka C news
ගෝටාභය ජනපති මැදුරට නොයයි.. පදිංචිය දිගටම මිරිහාන පුද්ගලික නිවසේ..

ජනාධිපති මන්දිරයේ පදිංචියට නොයා මිරිහානේ පිහිටි තම පෞද්ගලික නිවසේ දිගටම පදිංචිව සිටීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

රාජ්‍ය තාන්ත්‍රික නිල අවශ්‍යතා සඳහා පමණක් ජනපති මන්දිරය භාවිත කිරීමටත් නිල නිවසක් නොගැනීමටත් ජනපතිවරයාගේ තීරණය වී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මන්දිරය වෙනුවට මහගමසේකර මාවතේ නිල නිවසක් භාවිත කළ අතර ධුරයෙන් ඉවත්ව යන මොහොතේ එම නිවස කැබිනට් පත්‍රිකාවකින් ඔහුගේ පෞද්ගලික භාවිතයට ලබා ගැනීමට අනුමැතිය ගත්තේය.

– aruna.lk

1,290 views

28 Comments to “ගෝටාභය ජනපති මැදුරට නොයයි.. පදිංචිය දිගටම මිරිහාන පුද්ගලික නිවසේ..”

  1. Ranga says:

    The problem would be the distance he travel daily amidst a clear threat from ‘Tamil Diaspora’ & the underground gangsters.

    Nation can’t have such another precious stone for eras.

  2. උන්දිරාළ says:

    රෙපයාර් කියලා කොටුවේ ජනාධිපති මන්දීරයට කෝටි ගණන් හිටං වියදම් කළා. පැජට් පෙදෙසට බිලියන ගණන්, දැන් අයිති කරගත්තා වගේ මැරෙනකම් ඉන්න හදන්නේ, හිටං මැරුණට පස්සේ ජයන්ති මැරෙනකම් ඉන්න ඕනලු ආපසු රජයට ගන්න. හෙන හතම වැදියන්.

    • jsk says:

      කෝටි 80 ගෙයි ඉන්න පඹයා කැබිනට් පත්‍රිකාවකින් අනුමැතිය ගත්තා වගේ කැබිනට් පත්‍රිකාවකින්ම අනුමැතිය ඉවත් කරන්න බැරිද?

  3. මාතර සුනිල් says:

    ඔබතුමාගේ ආරක්ෂාවට මුල්තැනක් දෙන්න. දැනට තියෙන වාහන තදබදයත් සහ ලේකම් කාර්යාලයට තියෙන දුරත් සැලකිල්ලට අරගෙන කොටුවේ පදිංචියට ගියොත් වඩා සුදුසුයි. ටිකකලකට හෝ මේ දේ විය යුතුයි.

  4. Lanka says:

    As a Sri Lankan I believe we have found true leader. Respect u sir. Please look after your security too.Triple gem bless to u & my country.

  5. සකුරා says:

    ඔබයි ඒ උතුම් මිනිසා!

  6. Raterala says:

    සුවහසක් ශ්‍රී ලාංකික ජනතාව සෙවූ අව්‍යාජ මිනිසා අපට ලැබී ඇත,

  7. Siri says:

    ජනාධිපතිතුමනි…….ඔබ රැකුණොත් රටත් ජාතියත් රැකෙනවා …..ඔබතුමන්ගේ ආරක්ෂාව අපිට ඉතාමත් වටිනවා …..ඔබතුමන්ගේ ආරක්ෂාව වැඩිකලා කියලා මේ රටේ කිසිම ර⁣ටවැසික් (කුහක හැත්ත හැර) අවලාද අපවාද කියන්නෙන් නෑ….බුදුසරණයි

Main News