ගෝටාභය ජනපති වූ පසු රටම පිබිදිලා.. අපි උපරිම සහාය දෙනවා.. තාප්පවල අදින්න තීන්නත් මං දුන්නා.. පැරදුනු සජිත් පවු..- විජිතමුණි..
December 12, 2019 at 1:20 pm | lanka C news
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු රටේ ජනතාවගේ නව පිබිදීමක් සහ නව බලාපොරොත්තුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුනි සොයිසා මහතා සඳහන් කරයි.
එම ජනමතයට ගරු කරමින් ඔහුට ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා උපරිම සහාය ලබාදෙන බව ද ඔහු සදහන් කළේය.
රටපුරා තාප්පවල උද්යෝගයෙන් තරුණ පිරිස් චිත්‍ර අඳිමින් සිටි නිසා ඔවුනට තමන් ද තීන්ත බාල්දි දෙකක් ලබාදුන් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ පරාජය ගැන දුක දුක හිතෙන බවද පැවසූ ඔහු හිදී ඡන්දය ලබාදුන් පනස්පන් ලක්ෂයක් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවද සඳහන් කළේය.
ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.