ගෝටාභය ජනාධිපතිවරණයට ඒම වලකන්නම ව්‍යවස්තාවට වගන්තියක්.. ද්විත්ව පුරවැසිකම වසර දෙකකට කලින් ඉවත් කල යුතුයි..

July 20, 2018 at 10:36 pm | lanka C news
ගෝටාභය ජනාධිපතිවරණයට ඒම වලකන්නම ව්‍යවස්තාවට වගන්තියක්.. ද්විත්ව පුරවැසිකම වසර දෙකකට කලින් ඉවත් කල යුතුයි..

ශ‍්‍රී ලංකාවේ මැතිවරණයකට කරග කරන්නේ නම් ඊට වසර දෙකකට පෙර ද්විත්ව පුරවැසි භාවයෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් නව ව්‍යවස්ථා කෙටුම්පතේ සදහන්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

එය පැහැදිලිවම ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරගෙන ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීම සදහා ඇතුලත් කරන ලද්දක් යයිද ඔහු කියා සිටී.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගම්පොල පැවති උත්සව සභාවක් අමතමිනි.

38 views

11 Comments to “ගෝටාභය ජනාධිපතිවරණයට ඒම වලකන්නම ව්‍යවස්තාවට වගන්තියක්.. ද්විත්ව පුරවැසිකම වසර දෙකකට කලින් ඉවත් කල යුතුයි..”

  1. සීගිරි says:

    පවතින රාජ්‍යයේ බලය හොබවන්නේ හොර දූෂිත පවුල් , කූඨ ව්‍යාපාරික හවුල්, NGO කල්ලි හා බටහිර ඒජන්ත බලවේගයි….. එය ජනතාවගේ ජනරජයක් නොවේ.
    රනිල් මෙෙත්‍රි හෝ මහින්ද ගෝඨා ආවා කියා ඉහත සඳහන් කල, මේ මව්බිමට හතුරැ බලවේග සතු බලය වෙනස් වන්නට යන්නේ නැත.
    උදාහරණක් ලෙස අර්ජුන ඇලෝෂියස් කූඨ ව්‍යාපාරික පවුල කොයි ආණ්ඩුව යටතෙත් යහතින් වැජබුන බලවේගයක් බව පැහැදිලිය…ඔවුන් ආණ්ඩු වෙනස් කිරිමට පවා බලයක් ඇති අඳුරැ බලවේගයකි (dark force).
    මෙවන් dark forces සතු බලය අහිමි කල හැක්කේ ඔවුන්ගේ රාජ්‍යය පෙරලා දමා ජනතාවගේ ජනරජයක් පිහිටුවීමෙන් පමණි….චීනයේ 1949දි සිදු වූයේ එයයි…එම නව වෙනස මග පාදන්නේ දියුණුවට පමණයි.

  2. Dushantha says:

    කිසි ප්‍රශ්නයක් නෑ. ගෝටෙක් ඕන්නෑ. චන්දෙට පොහොට්ටුවෙන් දාපන් පොල්පිත්තක්. ඒත් අනිවාර්යෙන් දිනනවා.

    • Amda says:

      ඇත්ත….ඊට පස්සෙ මිනිස්සු ඕනෙ දෙයක් කර ගනී

    • The fair- minded , just citizens in this country strongly believe that if such rule to be introduced , it should have made known to the candidates two years before the next presidential election.As such they feel it that such a rule should not be effective for the forthcoming election ,but can be made effective for the next election in 2025. Otherwise , it is very clear ,not only to the people , but also to the children that it is being brought with hidden, sinister motives aiming at their strong opponents.

    • මැදමුලන වහල්ලු හිතන විදිහ. අර NYT විවාදයේදි බයියා ජනාධිපතිවරනයට කලින් දවසෙ කෝටි ගානක් සල්ලි එකතුකරපු විදිහ කියවුනා.ඒවට කාටවත් උත්තර නෑ.ඉතින් ඔය හොර හැතිකරේ ආයෙ ගේන්න ඕන වහල්ලුන්ටම විතරයි.

      • Damith says:

        හෙලි උනානම් නඩු දාපංකො .. ඇයි බෑද ?

        • වෙලාවට නඩු වැටෙයි. නඩු දාලා සිතාසි බාරදෙද්දි ඔය වීරකම නෑනෙ. එතකොට පලිගන්නවෝ පලිගන්නවෝ කියල විලාප තියනවා.

          • Dushantha says:

            නපුන්සකයින්ගෙ වහලෙක් වෙනවට වඩා මහින්ද රාජපක්ෂගෙ වහලෙක් වෙන එක හොඳයි බං.

  3. පොඩි එකා says:

    ආණ්ඩුවක් බලයෙන් පහ වුනාට පස්සේ ඒ ආණ්ඩුව කල හොරකං දුෂණ වංචා කිසිවක් විභාග කිරීමට බලයට එන ආණ්ඩුවට නොහැකි බවට වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවොත් ඒකට අත් දෙකම උස්සන මන්ත්‍රීවරු රොත්තක් තමයි අපි ඉන්නේ..

  4. LION voice says:

    sakkili eelam yamapalanaya playing the DIRTY games again….so scared of Gotabaya’s Popularity & landslide WIN at the 2020 Presidential elections………Hon :Gotabaya Deshapremi mahajanathawa obathuma samagai JAYAMA wewaaaaaaaaaaaaaaaa!!!

  5. මහේෂ් says:

    නව ව්‍යවස්ථා සංශෝධනය වෙන්නෙ නැති එකක් . නමුත් 20 සම්මත කරගන්න පුලුවන් වෙයි . මහින්ද මහත්තයාත් එකඟ වෙන්න ඉඩ තියෙන නිසා .

Main News