ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක යයි ඉඟි මතු වෙද්දී රාජපක්‍ෂවරුන්ට එරෙහි සතුරු බලවේග ක‍්‍රියාත්මකයි..

July 8, 2019 at 3:26 am | lanka C news
ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක යයි ඉඟි මතු වෙද්දී රාජපක්‍ෂවරුන්ට එරෙහි සතුරු බලවේග ක‍්‍රියාත්මකයි..

” යහ පාලනය ” නිසා වේගයෙන් විනාශය කරා යන අප රට ගොඩ ගැනීමට ඇති එකම විසඳුම රටට ආදරය කරන විශ්වාසනීය ජනාධිපතිවරයෙක් හා අගමැතිවරයෙක් ප්‍රධාන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම බවත්, ඒ සඳහා පොදු ජනයා පෙළ ගැසිය යුතු කාලය එළබ ඇති බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් දේශපාලන කඳවුරෙන් ඉදිරි ජනපතිවරණ අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ඉඟි මතු වෙද්දී ම රාජපක්‍ෂ වරුන්ට එරෙහි සතුරු බලවේග ද යළි ක්‍රියාත්මක වී ඇතැයි කී හෙට්ටිගේ මහතා ඒ සියලු සතුරු බලවේග ලබන අගෝස්තු අවසන් වන විට පරාජය කරන්නේ යැයි ද සඳහන් කළේය .

ඒ මහතා මේ බව කීවේ කොටපොල දෙනියාය ත්‍රී රෝද සංගමයේ ආරාධනයෙන් යාපිටකන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි .

එහිදී ඒ මහතා මෙසේද කීය .

ත්‍රී රෝද රථ රියදුරන් සමාජයේ විශාල බලවේගයක් .සුලු පිරිසක් නිසා සමස්තයට දොස් පැවරීම හරි නෑ .ඔවුන් ජනහිතකාමී පිරිසක් කර ගත යුතුයි . ත්‍රී රෝද රථ වල ලියැවී තිබෙන බොහෝ මානව හිතවාදී කියමන් තුළින් ඔවුන්ගේ අධ්‍යාත්මය කියවෙනවා .මේ වන විට ලියාපදිංචි වී ඇති ත්‍රී රෝද රථ සංඛ්‍යාව එකලොස් ලක්‍ෂ හැත්තෑ දහසක් පමණ වෙනවා .මේවා මගින් ජනයාගේ ගමනා ගමනයට සිදු වන්නේ විශාල සේවයක් .

වත්මන් පාලනය තව දුරටත් මේ ලෙස පැවතුනහොත් අපට යන එන මං නැති වෙනවා .දැනටමත් රට අනාරක්ෂිතයි .ජීවන වියදම දරා ගන්න බෑ .එදා මිනිස්සුන්ට මුදල් ලැබුණු සියලු ආර්ථික උල්පත් වැසී ගිහින් .තේ කම්හල් 15 ක් දැනටම වැසී ගිහින් .සුලු අපනයන භෝග ටික විකුණ ගන්න බැරි වෙලා .මිනිස්සුන්ට දැන් ඉතිරි වී ඇත්තේ කඳුල – සුසුම පමණයි .
පාලකයන් බොරුව වපුරවමින් රට එක්ක සෙල්ලම් කරනවා .මෙහි අවසානයක් තිබිය යුතුයි .

නීතිය යුක්තිය ගැන විශ්වාසයක් නෑ .නීතියේ දෙවඟන අපවිත්‍ර කරලා .යුක්තිය පසිඳලන සමහර තැන් වලට එල්ල වී ඇති චෝදනා බරපතලයි .එවැනි සමහර තැන් තානාපති කාර්යාල මගින් මෙහෙය වන බව පාර්ලිමේන්තුවේදීත් කියවුණා .

තමන්ට තර්ජනයක් ඇති අය හිරේ දාගෙන බලයේ සිටීම දැන් පාලකයන්ට ඇති එකම විකල්පය වෙලා .එයට පැවැත්මක් නෑ .දේශපාලනයත් දැන් මිනිස්සුන්ට අප්‍රසන්නයි .එදා අපේ අඩු පාඩුත් තිබුණා .ඒවා මෙනෙහි කර නිවැරදි විය යුතුයි . බොහෝ දෙනා මිනිසුන් මනින මිනුම්දඬු වැරදියි .මානව දයාව සහිත මිනිසුන් හඳුනා ගෙන ඔවුන් මහ ජන සේවයට යොමු කළ යුතුයි .

සන්නිවේදනයේ දියුණුව නිසා මිනිස්සු තනියම දැන් හිතන්න පටන් අරන් .ඉදිරි ඡන්ද වලදී යමක් කමක් දී මිනිස්සු රවටා ගැනීමට බැරි පසු බිමක් නිර්මාණය වෙනවා . රාජ්‍ය පාලනය හිමි විය යුත්තේ ආදර්ශමත් මිනිස්සු අතට .එවැනි අය තෝරා ගැනීම පොදු ජනයා සතු පරම වගකීමක් යැයි ද හෙට්ටිගේ මහතා කීය .

මෙහිදී දෙනියාය කොටපොල ත්‍රී රෝද රථ සංගමයේ සභාපති වී .පී .වසන්ත කුමාර මහතා ඇතුලු කීප දෙනෙක් ම කතා කළහ .

20 views
Main News