ගෝටාභය ජනාධිපති අපේක්ෂකයා යයි කීමට අපට අයිතියක් තිබෙනවා.. දිනන කෙනා රටම දන්නවා.. පරදින අය දාලා දිනන සටන පරදින්න සූදානම් නෑ..
February 3, 2019 at 11:20 am | lanka C news
මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා යයි කීමට ඔවුනට අයිතියක් ඇති සේම ගෝටාභය රාජපක්ෂ මහතා මීලග ජනාධිපති අපේක්ෂකයා යයි කීමට තම කණ්ඩායමටද අයිතියක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
කවුරුන් ජනාධිපති අපේක්ෂකයන් යයි යෝජනා කලත් ජනාධිපතිවරණය සදහා තම කණ්ඩායම විසින් පරදින ඉත්තෙක් නොදමන බවත් මන්ත්‍රීවරයා කියා සිටී.
මුළු රටම දිනන අපේක්ෂකයා කවුදැයි කියා අද වන විට හොදින්ම දන්නා බවත් එම අපේක්ෂකයා ඉදිරිපත් කර මැතිවරණය ජයග්‍රහණය කරන බවත් ඔහු සදහන් කරයි.
එසේ නැතිව පරදින අපේක්ෂකයන් ඉදිරිපත් කර රටට උරුම විය යුතු ජයග්‍රහණය අතහැර දමන්නට කිසිවෙකු සූදානම් නැතැයිද වීරවංශ මහතා තව දුරටත් කියා සිටී.
වසර 4 ක් රනිල් මෛත්‍රි කරපු නාඩගම් හොදටම ඇති රට නැවත ගොඩගන්න නම් ගොටාබය තුමා පත්කිරීම අප සියුලුදෙනගේ පරම යුතු කමයි
මෙහෙමයි , විමලේ කියන දිනන කතා , දේශප්‍රේමී කතා දන්නො දනිති , ඒත් , මෙතන කියලා තියෙන එක කතාවක් ඇත්ත , පොහොට්ටුව හදාගත්තේ මහින්ද ප්රමුඛ ,මහින්ද වාදී බහුතරයක් , දැං අර කුඩාරමට කඩා වැදුනු ඔටුවා වගේ ජනතාව ප්‍රතික්ශේප කරපු සියෙට හතරේ කබ්බො ටිකක් පොහොට්ටුවට රිංගලා ජනාධීපති අපේක්ශකත්වය හයි ජැක් කරන්න යන්නේ , යු ඇන් පිය ගැය ,ඔවුන් බලාගනී , පොහොට්ටුව ගැන මහින්ද ප්රමුඛ පිරිස බලාගනී , මෙ දෙකටම නැති මෛත්‍රීව අවසානයේ බලාගන්න කවුරුත් නැට්ගිවේවී. ඔහු දේශපාලනිකව කොන් වේවී.