ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කරන්න.. වෙන විකල්ප කිසිවක් නෑ..- සංඝනායක හිමියෝ මහින්දගේ මුහුණටම කියති.. [Video]

March 18, 2019 at 12:02 am | lanka C news
ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කරන්න.. වෙන විකල්ප කිසිවක් නෑ..- සංඝනායක හිමියෝ මහින්දගේ මුහුණටම කියති.. [Video]

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනැයි වයඹ පලාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රැකව ජිනරතන හිමියන් විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ.

මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා කුරුණෑගල පැවති දානමය පින්කමකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදී උන් වහන්සේ විසින් මෙම ඉල්ලීම කලහ.

ඉදිරි ජනාධිපතිවරණයේදී රටම පිලි ගන්නා, අටම ආදරය කරන ජාත්‍යන්තරයට මුහුණ දිය හැකි පුද්ගලයෙක් අවශ්‍ය බවත් ඒ තීන්දුව ගැනීම මහින්ද රාජපක්ෂ මහතාට පහර දී තිබෙන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ඊට එහා කිසිදු විකල්පයක් නැති වවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගැනීම ඒකාන්ත බවත් උන්වහන්සේ පැවසූහ.

82 views

8 Comments to “ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කරන්න.. වෙන විකල්ප කිසිවක් නෑ..- සංඝනායක හිමියෝ මහින්දගේ මුහුණටම කියති.. [Video]”

  1. sunimal says:

    රටට ආදරය කරන ජනතාව සියයට 200 ක් ගොටාබය තුමාට

  2. Cyril says:

    Sadu sadu sadu ape hamuduruwane. Dalada samidu pihitai. Jaya niyathai

  3. Sam Fernando says:

    Your words are highly appreciated Rev. Sir. It is the discision of the country. By now it’s confirmed. Thank God.
    Victory is imminent.

  4. හැකහැක says:

    මුළු රටම ඉල්ලනවනම් රටම ආදරෙයි නම් ගෝඨා-බය මහත්තයෝ බය නැතිව ස්වාදීනව ඉදිරිපත් වෙන්නකෝ ..පණුවෙක් වගේ ඇඔරෙන්නේ නැතිව. අර සිද්ධාලේප වෙදමහත්තයා බත්තරමුලලේ සීලරතන හිමිට තනිව ස්වාදීනව ඉදිරිපත් වෙන්න තිබුන ආත්ම විශ්වාසය ඇයි ඔබට නැත්තේ?
    එක වෙලාවකට කියනවා සියලු බාධක ඉවත් කර ගත්තලු..ආයේ කියනවා ඔබ ලෑස්තිනම් මමත් ලෑස්තියිලු..ඊලගට කියනවා හිටපු ජනාධිපතිගේ ඕඩර් එක එනකං ඉන්නවලු… දැං ආපහු කියනවා ඇමරිකන් සිටිසන්කම අයින් කර ගන්න අද ෆෝම් බාර දුන්නලු…අවුරැදු කීයක් දැං කෙකර ගානවද ඔය බිත්තරේ ජම්බාලියේ හිර කරගෙන… බලං ගියහම පච හලන කොන්දක් නැති මිනිහෙක්.

    • Janaka says:

      Correct

    • Sri Lankan says:

      Bola mee harako…

      Dasa Raaja Dharmaya ahala thiyenawada?

      Thaniyen Independant wela illanne mokada hamoma support ekata iddi? Thaman gana witharak hithana selfish un thamai ehema karanne.

      Penawa neda sahodarayo tika ekawa theeranaya ganna hati? Anna ehema ninihekta thamak president kenek wela anith minissuth ekka katha karala wadak karanna puluwan wenne

      Ehema minissunta thamai kondak thiyenne nathiwa me passe gaayata independant candidate wena eka nemei.

  5. vishnu says:

    ජයවේවා

  6. Ariyathilaka says:

    එළබෙන ජනාධිපතිවරණයේදී බලයට පත්කළ යුතු පාලකයා පිළිබඳව ජනතාවට තිබෙන නිර්නායක මොනවාද? ඔවුන් එය දැනුවත් ද? තම පුද්ගලික හිතවත්කම, තමනට කළ උපකාර(රැකියා දීම, කොන්ත්‍රාත් ලබා දීම, ආදායම් උපද්දා ගැනීමට නීත්‍යානුකූලව හෝ නීත්‍යානුකූල බවින් තොරව හෝ අවස්ථාව ලබා දීම), තම දේශපාලන පක්ෂයේ අපේක්ෂ්කයා වීම, LTTE කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීම, යම් පමණකට රටේ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම, ආදී කරුණු එකක් හෝ කීපයක් නිර්නායක වශයෙන් ගෙන තම අපේක්ෂ්කයා තෝරා ගන්නවා විය හැක. මේ කිසිවක් නොවීමට ද ඉඩ ඇත. ඒ ඡන්ද දායකයාගේ අභිමතය ය. ඒ සිතීමේ නිදහස, තෝරා ගැනීමේ අයිතිය, පරමාධිපත්‍යය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ පුරවැසියාට උරුම වී ඇත. ඒ අයිතිවාසිකම ජනතාවට ලැබී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැවින් පත්කරන පාලකයා,ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව රට පාලනය කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගකිව යුතුය. ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, ව්‍යවස්ථා විරෝධීව කිරීම නොකළ යුතුය. ඒ සදහා ජනාධිපතිධූරට පත්වන පාලකයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ ව මනා දැනුමක් හා ව්‍යවස්ථා ගරුක සංවරයක් ඇති අයෙකු වීම ඇවැසි ය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ගැන මනා පරිචයක් ඇත්තෙකු වීම අවශ්‍යය ය. නැති නම් සිදුවනුයේ අපේක්ෂ්කයා කුමන තරම් දක්ෂයැ’යි රටේ ජනතාව මෙන්ම අපේක්ෂ්කයා ද සිතුවත්, ඇතැම් පුද්ගලයන් පුරසාරම් දෙඩුවත් ව්‍යවස්ථා ගරුක නොවී බලයෙන් මත් වී තම හුදු පුද්ගලික මතයට ක්‍රියා කිරීමෙන් රටත් ජනතාවත් ව්‍යසනයට පත් කිරීමය. මේ තාක් මෙරට දේශපාලනයේ සිදු වී ඇත්තේ එයයි. ජනතා බලයෙන් පත් වූ නායකයන් කිසිවෙක් මෙතෙක් කල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පාලනය හොබවීයැ’යි නොසිතිය හැකිය. මෙරට සිදු වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ විධායකයේ වරද නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගරුක හා නීතිගරුක නොවූ පාලනයේ වරදය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දැනුමෙන් හා ව්‍යවස්ථා ගරුක පාලකයා රට නගා සිටවීමට උරදෙනවා ඇත. හුදු පුරසාරම බස් වලින් යුතු ඔළුගෙඩි දිහා බලා කරන දේශපාලනය රටකට වැඩක් නැත.

Main News