ගෝටාභය ජනාධිපති කරවන්න ඡන්දය දීම ගැන අද ජනතාව කණගාටු වෙනවා..

September 2, 2020 at 10:40 am | lanka C news
ගෝටාභය ජනාධිපති කරවන්න ඡන්දය දීම ගැන අද ජනතාව කණගාටු වෙනවා..

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට ඡන්දය දුන් ජනතාව අද ඒ ගැන කණගාටුවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

අද පෙනී යන්නේ 2015 සිදු වූ සිදුවීම් නැවත වරක් සිදුවන ආකාර යැයි ද ඒ මහතා පැවසීය.

19 සංශෝධනය ඉවත් කර පවුල්වාදය නැවත කැදවා රට විනාශ කිරීමට දරන උත්සාහය විරුද්ධ වෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

අද රට තුළ නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක රටක එක නීතියක් යන සංකල්පය මත නොව ආණ්ඩු පක්ෂයට එක නීතියක් හා විපක්ෂයට තව එකකුත් යන සංකල්පය මත බවද ඔහු පෙන්වා දුන්නේය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කරනු ලැබීය.

30,003 views

45 Comments to “ගෝටාභය ජනාධිපති කරවන්න ඡන්දය දීම ගැන අද ජනතාව කණගාටු වෙනවා..”

  1. Kevin says:

    පිස්සෙක්..

  2. 77 UNP says:

    සජිත් ආවනම් සහෝදරියගේ හොර සල්ලි මැසිමෙන් සල්ලි අච්චු ගහලා රටටම රුපියල් 20,000.00 ගානෙ බෙදන්න තිබුනා. ඒක ගැන කනගාටු වෙන්නෙ පෝන් එකට චන්දෙ දුන්න මොඩයෙක් පමණයි

  3. ඉල්ලපිය ඊළඟ සැරේ. තෝත් ගෙදර.

  4. Gini says:

    You are one don’t like. People who voted they are happy waiting to see people like you are leaving politics. Did nothing.

  5. Rabok says:

    Who wants your like or dislike – majority of people of this country like GR’s style of governance

Main News