ගෝටාභය ජනාධිපති වන බවට මුල්ම අනාවැකිය කිවුවේ මමයි.. ඔහු ජනාධිපති වී රටම කොරෝනාවෙන් බේරාගත්තා…

June 15, 2020 at 5:30 pm | lanka C news

මහ මැතිවරණයකට ඉදිරිපත් වූ අපේක්ෂකයින් මෙලෙස දවසින් දවස ඉවත්වීම මැතිවරණ ඉතිහාසය තුළ කවදාවත් දැක නැති බවත්,සමගි ජන පෙරමුණ පිළිබඳ එහි අපේක්ෂකයින්ට විශ්වාසයක් නොමැතිනම් පාක්ෂිකයන්ට එම පක්ෂයට ඡන්දය දීමට දෙවරක් සිතා බැලීමට සිදුවන බවත් හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.ඊයේ (ජුනි 14)රත්නපුර නිලානී හෝටලයේ පැවති රත්නපුර ආසන පාලාත් පාලන නියෝජිතයන් ඇතුළු ක්‍රියාකාරී හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකරන ලදී.සමගි ජන පෙරමුණේ තවත් අපේක්ෂකයින් දස දෙනෙකු පමණ ඉදිරියේදී අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,වෙනදට නාම යෝජනා දුන් දිනයෙමයි අපි මැතිවරණ ව්‍යාපාරය පටන් ගන්නේ.ඊට පස්සේ දවසින් දවස මැතිවරණ උණුසුම වැඩිවෙනවා.නමුත් කොරෝනා උවදුර නිසා මැතිවරණ පමා වී තිබෙනවා.මැතිවරණ උණුසුම අඩුවී තිබෙනවා.පසුගිය අවුරුද්දේ නොවැමබ්ර් 16 වෙනිදා බලයට පත්වුණු ගෝඨාභය රාජපක්ෂ මහතා ට තිබුණු ලොකුම බාධකය තමයි පැවතිච්ච පාර්ලිමේන්තුව.ජනාධිපතිවරයා වශයෙන් එතුමා බලයට පත්වෙලා, රටේ සේවාවන් පවත්වාගෙන යන්න මුදල් වැය කරන්න  අවශ්‍යයි .ඒත් පසුගිය ආණ්ඩුව 2020 වර්ෂයට අයවැයක් ඉදිරිපත් කරලා මුදල් වෙන්කරලා තිබුණේ නැහැ.ඒ නිසා රජයේ සේවාවන් පවත්වාගෙන යන්න අතුර සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය දෙමල ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රකාශ කලා.එම නිසා එතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ව්‍යවස්ථාවෙන් ලැබෙන පළමු අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.පසුගිය කාලයේ මැතිවරණය කල්දාගන්න,පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඉක්මයාම සම්බන්ධව විපක්ෂය උසාවී ගියා.නමුත් එම සියලු ක්‍රියා අද අසාර්ථක වී තිබෙනවා. එම නිසා දැන් අගෝස්තු 05 වෙනිදා මැතිවරණය පැවැත්වෙනවා.ඒ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයා හැකි ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අපි ලබා ගත යුතුයි.

තව දුරටත් අදහස් දක්වමින්,වත්මන් ජනාධිපතිතුමා නොසිටියනම් අද අපිත් කොරෝනා ඉදිරියේ දණ ගහල ඉවරයි.අපිට වඩා බලගතු දියුණු රටවල් බොහොමයක් අද කොරෝනා වසංගතයට යටවෙලා. ඇමරිකාව,එංගලන්තය,බ්‍රිසීලය.රුසියාව,ප්‍රංශය වගේ රටවල ජනතාව අද විශාල පීඩාවකට පත්වෙලා.මිනිස්සු දස දහස් ගණන් මැරෙනවා.නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයගේ සාර්ථක වැඩපිළිවෙලත් එක්ක කොරෝනා වසංගතය පාලනය කරන්න අපිට හැකිවී තිබෙනවා. අපිට මේ වගේ රැස්වීම් පවත්වන්න අද අවස්ථාව ලැබී තිබෙනවා. 2016 අවුරුද්දේ ගෝඨාභය මහත්තයා අපේ රටේ හිටපු ආරක්ෂක ලේකම් ලෙස පමණක් ජනතාව දැන සිටි අවධියක තමයි එතුමා මේ රටේ අනාගත පාලකයා වන බව මම ප්‍රකාශ කලේ.ඔහුගේ ක්‍රියාකලාපය,ගතිගුණ වැඩපිළිවෙල ගැන මට අවබෝධයක් සහ විශ්වාසයක් තිබුණු නිසා අනාගත ජනාධිපතිධූරයට පත්වෙන බව මම ප්‍රකාශ කලා.මගේ මේ ප්‍රකාශයට ඒ වකවානුවේ අපේ පක්ෂයේ අයගෙනුත්,එක්සත් ජාතික පක්ෂයේ අයගෙනුත් දැඩි ප්‍රහාරයක් එල්ල වුණා.රාජිත සේනාරත්න මහතා කිව්වා අපි මේ රාජපක්ෂවරු නැති කරන්න කටයුතු කරන කොට අපේ මේ සමහර අය රාජපක්ෂලට නැවත පණ පොවන්න හදනවා කියලා. සරත් ෆොන්සේකා මහත්තයත් මට විරුද්ධව විශාල ලෙස පහර ගැහැව්වා.මම කිව්වා මේක අපේ පක්ෂයේ ප්‍රශ්නයක්.2020 අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක නොවෙයි වෙනමයි තරඟ කරන්නේ.එදාට අපිට තරඟ කරන්න හොඳ අපේක්ෂකයෙක් අවශ්‍යයි.ඒ සඳහා සුදුසුම පුද්ගලයා ගෝඨාභය බව මම ප්‍රකාශ කලා.අවුරුදු 03කට කලින් මම කරපු ප්‍රකාශය අද යථාර්තයක් බවට පත්වෙලා.ඒ පිළිබඳ නිහතමානීව  සතුටු වෙනවා.සෙනෙවිරත්න මහතා පැවසීය.

රත්නපුර ආසනයේ මම සංවිධායක බවට පත්වුනේ 2007 අවුරුද්දේ.එතකොට මේ ආසනයේ අඩුපාඩු ගොඩක් තිබුණා.නමුත් ක්‍රමානුකූලව මේ ආසනයේ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් දියුණු කරන්න මට පූළුවන් වුනා.හැමෝටම විදුලිය දුන්නා.විසල් ජල යෝජනා ක්‍රමය හරහා රත්නපුර ආසනයටම ජලය දෙන්න පුලුවන් වුණා.රත්නපුර දිස්ත්‍රික්කය තුළ මම දුන්න රජයේ රැකියා ප්‍රමාණය වෙන කවුරුවත් දීලා නැතුව ඇති. සෙනෙවිරත්න මහතා පැවසීය.

මෙම නියෝජිත හමුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරීස් මහතා,සබරගමු පළාත් සභාවේ හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ,සබරගමු  පළාත් සභා  හිටපු මන්ත්‍රී ප්‍රභාත් මහේෂද අල්විස්,සබරගමු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති චන්දන උඩවත්ත යන මහත්වරුන්, රත්නපුර සහ කුරුවිට පළාත් පාලන නියෝජිතයින් ඇතුළු දේශාපාලන ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

– ධම්මික තිලකරත්න

58 views

6 Comments to “ගෝටාභය ජනාධිපති වන බවට මුල්ම අනාවැකිය කිවුවේ මමයි.. ඔහු ජනාධිපති වී රටම කොරෝනාවෙන් බේරාගත්තා…”

  1. kamal says:

    ඇත නැත නැතිවෙනවා කියන්නෙ මොකද ඇත යනු සදාකාලිකව ඇතිබවයි. නැත යනු නැවත හට ගැනිමක් නැති බවයි. පටිච්ච සමුප්පාදයේ හට ගැනිම දැකිමෙන් නැත නැතිවෙනවා. පටිච්චසමුපාදායේ නිරෝධය දැකිමෙන් ඇත නැතිවෙනවා.

  2. Kgs basnayake says:

    To all supporters especially the businessmen who thought of investing/donating money or spare time on UNP/SJB/JVP candidates,
    Your time and money will be a total waste since they won’t be able to win a majority. Therefore, think twice.
    As you can see how these three political parties struggle to convince the mass.
    I’m sure these parties will end up below 21.5% (1.5% was allocated for JVP).

  3. සිංහල බන්ඩා says:

    wdj.s අවුරුදු කීයක් යහපාලන ඇමති කට්ට කෑවද. ඔය මදෑ දැන් ගෙදර යන්න.

  4. kamal says:

    ඇත නැත කියන්නෙ ඇති වි තිබිම හා නැතිවි නොතිබිම ගැන මිසක් වාදයට ගන්න එකම කාසියේ දෙපැත්ත ද්වතාවය නෙවෙයි.කිරිබත්ගොඩ හිමි හා දියසෙන් කුමාරයා

  5. Saradiel says:

    කාලෙන් කාලෙට අපේ සමාජය තුළ දියසෙන් කියලා පාලකයෙක් ගැන කතා වෙනවා. අපි හිතුවා මේ දියසේන කුමාරයා කියන්නේ කවුද කියලා ඒ තමා අපේ දැන් ඉන්න ජනාදිපති තුමා එතුමාට ජය පතමු රට ජාතිය ආගම බේරා ගනිමු බුදු සරණයි.

  6. අනේ මහත්තයො මේ.;;;;;. ඔච්චර……අමා….රු අනාවැකි කියන්න මොළේ ඉරාගෙන දගලන වෙලාවේ අර මැසිඩෝනියාවේ ” බබා වැන්ග “[1911 – 1996] තුමිය කීව වගෙ , මේ කාලයේදී ලොව මිනිසුන්ගේ ප්‍රතිසක්තිකරණ පද්ධතියට පහරදෙන උණසමග ඇතිවන වසංගතයකින් මුළු ලොවම වෙළී යනබවත්, යුරෝපයට අපල අධික බවත් ,සුනාමි, ලෝක යුද්ධ, ආදී වශයෙන් ලේසි…පොඩි…එව්ව ටිකක් මෙව්වා කොල්ල දාන්න බලන්න හොදේ.####

Main News