ගෝටාභය ජනාධිපති වුණත් නොසිතූ ප‍්‍රශ්ණ රැසක් මතුවෙලා..

March 5, 2020 at 8:40 am | lanka C news
ගෝටාභය ජනාධිපති වුණත් නොසිතූ ප‍්‍රශ්ණ රැසක් මතුවෙලා..

යහ පාලනය විසින් විනාශය දෙසට ගෙන ගොස් ඇති අප මාතෘ භුමිය යළි ගොඩ ගත හැකි වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ හා ,මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය මත ,බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංවිධායකත්වයෙන් වන ” ජාතික සංවර්ධන වැඩ පිළිවෙලකින් ” පමණක් යැයි අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

රට – ජාතිය අභියෝග රැසකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක සියලු ජාතීන් එක් ව රට වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයි සඳහන් කළ ඒ මහතා ,එසේ නොවුනහොත් රටේ අනාගතය තව තවත් අඳුරට තල්ලු වීම නතර කළ නොහැකි වනු ඇතැයි ද කියා සිටියේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,ඉදිරි මහ මැතිවරණයෙදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය සඳහා කටයුතු කිරීමට සුදානමින් සිටින දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් බොරලස්ගමුවේදී පැවැති සුහද හමුවකට එක් වෙමිනි .

එහිදී ඒ මහතා මෙසේ ද කීය .

පසු ගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපති ධූරය ලබා දෙන්න අති බහුතර ජනයා පෙරමුණ ගත්තේ රටේ ආරක්‍ෂාව තහවුරු කර ගන්න .ඒ තරමට එදා රට අනාරක්ෂිත වෙලා තිබුනේ .දැන් ඒ ගැන ජනයා ඉන්නෙ ලොකු විශ්වාසයකින් .එය එසේ වුවද නොසිතූ ලෙස තවත් ප්‍රශ්න රැසක් දැන් මතු වෙලා .දැඩි නියඟය මෙන් ම ගෝලීය ප්‍රශ්න නිසා අප ආර්ථිකයට එල්ල වී ඇත්තේ ප්‍රබල තර්ජනයක්.යහ පාලනය රටේ තිබුන සියලු ආර්ථික උල්පත් නැති කළා .මෙවැනි වටපිටාවක තමයි මහ මැතිවරණයක් එන්නෙ .

ඒ දෙස අප ගැඹුරින් බැලිය යුතුයි .යළි රට ගොඩ ගන්න නම් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශක්තිමත් ආණ්ඩුවක් ඕනෑ වෙනවා .එතැනින් තමයි රට හදන්න පටන් ගන්න වෙන්නෙ .ප්‍රයෝගික සත්‍ය එයයි .ඒ ක්‍රියාන්විතයේදී බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංවිධාන ශක්තිය නැතුව ම බැරි වෙනවා .මේ චරිත තුනේ සුසංයෝගය නිසා රට යළි නැගිටීවි .ඒ හැර වෙන විකල්ප නැත .එතෙක් අප සියලු දෙනාට ඉවසීමෙන් ක්‍රියා කරන්න වෙනවා .මේ වන කොට ජනයා බොහෝ දුකට පත් වී සිටින්නෙ .ජනාධිපතිවරයත් අගමැතිවරයත් ඒ ගැන ඉන්නෙ බලවත් සංවේදීව .

ඉදිරි මහ මැතිවරණය රටේ අනාගතයට ප්‍රබල ලෙස බලපානවා .ආත්මාර්ථකාමී හැඟීම් මත ක්‍රියා කිරීම සුදුසු වන්නේ නෑ .රටට ජනතාවට ආදරය කරන , විශ්වාසදායක, ප්‍රතිපත්ති ගරුක ,ජනතා නියෝජිතයන් පිරිසක් රටට අවශ්‍ය වී තිබෙනවා .දේශපාලනඥයා ගැන ජනතාව තුළ තිබෙන අප්‍රසාදය ඉවත් වෙන වට පිටාවක් සකස් වෙන්න ඕනෑ .ජනතාවගේ සිතුම් පැතුම් ගැන නායකයන් සංවේදී විය යුතුයි .පොදු ජනයාගේ ආශීර්වාදය මත සාර්ථක ගමනක් යා හැකි වන්නේ එවිටයි .

දැන් රටේ ප්‍රධාන දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි .එය ආරක්ෂා කර ගත යුතුයි .ඒ මගින් අප රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ගත හැකි වනු ඇතැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

– Khmedia

175 views

8 Comments to “ගෝටාභය ජනාධිපති වුණත් නොසිතූ ප‍්‍රශ්ණ රැසක් මතුවෙලා..”

  1. KDN says:

    This gentleman always express the absolute truth, Problem is hard core UNPers and foolish sri lanka settled tamils (not the DIASPORA) cannot be influenced easily

  2. Gamlath says:

    නිදහසින් පසු මේ රට ගොඩ නගන්ඩ බිහිඋන එකම රාජ්‍යනායකයා ගොටාබය. නමත් එතුමාට තිබෙන එකම බාධකය මහින්ද. . හොරුන්ට රැකවරනය දෙමින් මහජන මුදල් කාබාසිනා කරමින් තම පවුලේ උන්නතිය සහ තම සුකවිහරනය ගැන පමනක් සිතමින් කටයුතු කරන මොහු දේශපාලන යෙන් සමු නොගතහොත් මීලග රජය සම්පූර්නයන් පාලනය කරනු ලබන්නේ රිශාඩ් බද්දුදීන් ,හකීම්, සුමන්දිරම් සහ එන් ජී ඕ කල්ලී විසින් මොකද මහින්දගේ ක්‍රියා කලාපය නිසා අති බහුතරයක් පොහොට්ටුවට චන්දය දීමෙන් වැලකී සිටිනවා. .

    • Me says:

      නොදන්න කෙහෙල් මල් අතෑරල අැස් අැරල බලන්න. කාපු ලනු ලේසියෙන් දිරවන්නෙ නෑ වගේ.

    • Jayanthi Samarakkody says:

      Just research more if you want to get the correct facts. If you are concern about your mother land then open your eyes wide and see the truth. Whole Country is in a difficult position rn. Let it’s breath for the sake of it’s patriotic people.

    • Jayanthi Samarakkody says:

      Gamlath just research more if you want to get the correct facts. If you are concern about your mother land then open your eyes wide and see the truth. Whole Country is in a difficult position rn. Let it’s breath for the sake of it’s patriotic people.

  3. Patient says:

    බැළු බැල්මටම නම් පෙන්නෙ බලය ගත්තට පස්සේ සමහරු ආත්මාර්ථකාමී වෙලා ගොඨගෙ ප්‍රතිපත්ති වහල කියල. රස්තියාදුකාර මන්ත්‍රිවරු ටිකත් වෙනසක් කරන්න දෙන්නේ නෑ වගෙයි. කොහොම වුනත් පොඩියට හරි ගෙඨට ඇතූළු අයට තමන් plan කරන දෙ කරන්න ලැබූණොත් හොඳ ක් වෙයි.

  4. Gone gota says:

    How is gota? He has being in USA for 15 years and did not came to SL even for a holiday untill his brother MR became president.
    He has worked in a IT related job.
    How can he run a country. MR will not support him and he wanted NR to be prepared for the future president.
    Our foolish people now know what this government done for them.