ගෝටාභය ජනාධිපති වූයේ රටේ වාසනාවට.. මැතිවරණ නොපවත්වා ආරක්‍ෂක කමිටුවකින් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති හිමියන්..

April 10, 2020 at 6:48 pm | lanka C news
ගෝටාභය ජනාධිපති වූයේ රටේ වාසනාවට.. මැතිවරණ නොපවත්වා ආරක්‍ෂක කමිටුවකින් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති හිමියන්..

2019-2020 ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනට පසු දින (08) දින අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක , පැල්මඩුල්ල ශ්‍රි රජමහ විහාරස්ථානයේ විහාරාධිපති  ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසිය.

මාධ්‍යයට (10) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ ශ්‍රි පාද උඩමළුවේ  දිනකට සිව්වතාවක් තේවාවන් සහ පුදසිරිත් පවත්වන බවයි.

පුරා පසලොස්වක පොහෝ දිනයන් හි පෙර සිට සිදු කල පරිදි  විශේෂ පුජාවන් හයක් සිදු කරන බවද උන් වහන්සේ කියා සිටිහ.

ශ්‍රි පාද වන්දනාවාරය අවසන් වන තෙක්ම ශ්‍රි පාද උඩමළුවේ පැවැත්වෙන තේවාවන් සහ පුද පුජාවන් අතිතියේ සිට පවත්වාගෙන ආකාරයට සිදු කරන බවත්, වෙසක් පොහෝ දිනට පසු දින ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව , සමන් දේවප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහ විහාරස්ථානය දක්වා වැඩමකරවන බවද ශ්‍රි පාදස්ථනාධිපති හිමියන් පැවසිය.

කොවිඩ් 19 වෛසරය පැතිර යන මෙම අවස්තාවේ ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගත් අභිත රණවිරුවෙකු වු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව තොරාපත් කරගෙන ඇත්තේ රටේ භාග්‍යයට බවත්,මේ රට තුල කාලයකට මැතිවරණ නොපවත්වා නිතිය සහ සාමය පවත්වාගෙන යාමට ගෝඨාභය රජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආරක්ෂක කමිටුවක් ඇති කර වසර කිහිපයක් මේ රට පාලනය කල හොත් රට ගොඩ ගැනිමට හැකි බවද ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියි.

රටවැසියන් සියළු දෙනාම පාට පක්ෂ කුල භේද අමතක කර  රට බේරා ගැනිමට සහයෝගය ලබා දිය යුතු  බවයි ශ්‍රි පාදස්ථනාධිපති හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

196 views

67 Comments to “ගෝටාභය ජනාධිපති වූයේ රටේ වාසනාවට.. මැතිවරණ නොපවත්වා ආරක්‍ෂක කමිටුවකින් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති හිමියන්..”

  1. May the Triple Gem Bless the Sri Pada Bhikku for making this absolutely right statement. Sri Lanka’s peaceful people do not need a Parliament with corrupt, criminal, ‘Padadayo Inna’, treacherous, Terrorist supporting MPs of UNP + Samagi + JVP +TNA + Muslim Congress all of them are Bank-Robbers, criminals, terrorists, Desha Drohiyo, Traitors.
    Presodent Gota and an Efficient working committee comprising efficient, educated, industrious Govt. servants are good enough to Run this poor Sri Lanka to help overcome CV19 problems and lead our poor country to :Prosperity as soon as Possibel.

  2. Lolla says:

    අපි නං ඕක දැන ගෙන ගොඩක් කල්
    එකනේ අපි මෙතුමාව පත් කලේ….

  3. Nayomi says:

    Me ganayama thamay kiwwe korona asse siripade arala tiyanne hamitama enne kiyala

  4. Waruna says:

    Etakota Sihina Kumaru Namal ge fantacy walata monawadha wenne?

  5. Sun says:

    We trust the presidency and his authority but the problem is all the family members with non bad characters are handling most of the affairs. So we cannot expect a growth in the economical side as they not honest enough to handle the financial and management sector of the country.

  6. Sun says:

    We trust the presidency and his authority but the problem is all the family members with bad characters are handling most of the financial affairs for the country. So we cannot expect a growth in the economical side as they are not honest enough to handle the financial and management matters of the country.

  7. sena says:

    රටෙ වාසනාවටතමයි ගරු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමා පහලවුයේ

    නැත්නම් ඔබවහන්සේ බුරුතුපිටින් තමයි කොරොනලා යවන්නෙ ගම්වලට

  8. warrior says:

    බයියොන්ටයි,ටොයියොන්ටයි,ජෙප්පොන්ටයි වහල්කම් කරන්න නැතුව ලංකාවෙ මිනිස්සුන්ට ඉන්න බැහැ වගෙ. ජීවිතේටවත් අධ්‍යාපනයක්වත් ලබලා නැති නූගත් හැත්ත.තොපිල මැරෙනකන්ම වහල්ලු.

Main News