ගෝටාභය දිනන බව එජාපයත් පිලිඅරන්..

October 26, 2019 at 12:40 pm | lanka C news
ගෝටාභය දිනන බව එජාපයත් පිලිඅරන්..

රටක නායකත්වය හිමි විය යුත්තේ විකාර කතා කියමින් කාලය කා දමන අයකුට නොව ,විවේක බුද්ධියෙන් සැළැස්මක් සහිත ව වැටුණු රට ගොඩ නැගීමට සුදානමින් සිටින අයකුට බවත් ,ඒ සඳහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ වන විටත් පොදු ජනතාවගේ හදවත් දිනාගෙන ඇති බවත් විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි කුමාරසිරි හෙට්ටි මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කඳවුරේ ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය මගතාගේ නම නිවේදනය වීමත් සමඟම එ .ජා .ප ය ඇතුලු රටට හතුරු බලවේග නොසන්සුන් වූ බව කී ඒ මහතා ,ජනාධිපතිවරණයේදී එම හතරු බලවේග පරාජයට පත් කිරීමට දේශප්‍රේමී ජනයා මේ වන විටත් තීරණය කර ඇතැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ කැස්බෑව – බොරලැස්ගමුව නගරයේ පැවති ජනහමුවක් අමතමිනි .මෙම ජනහමුව සංවිධානය කර තිබුනේ බොරලැස්ගමුව නගරාධිපති අරුණ ප්‍රියශාන්ත මහතා විසිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

” ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව ප්‍රතිවාදී කඳවූර ද දැන් පිළි අරන් .එ ජාප නායකයන් විකාර දොඩවන්න පටන් අරන් .සාමාන්‍ය පෙළ නැති කෙනෙක් ජනාධිපති වෙන්නෙ කොහොමද කියල එක ඇමැති වරයෙක් විශාල ඝෝෂාවක් කළා .සජිත් මහතා ජනපති අපේක්ෂක වූ පසු ඒ ගැන කතා නෑ .දැන් ඒ ඇමැති වරයා සජිත් ජනාධිපති කරන්න කතා කරනවා . එහෙම නම් ඒ සහතිකය දැන් තියෙනවා කියල කියන්න ඕනෑ .නැත්නම් ජනාධිපති වෙන්න එවැනි සහතිකයක් ඕන නෑ තමන්ට වැරදීමක් වුනේ කියල කියන්න ඕනෑ .මේ විකාර ජනතාව බලන් ඉන්නෙ පුදුම ඉවසීමකින් .

යහ පාලනය ගෙන එන්න වැඩ කළ අය එදා කළ වැරැද්ද නිවැරදි කරන්න මෙවර ගෝඨාභය මහතාගේ ජයග්‍රහණයට පෙළ ගැසිලා . අප සියලු දෙනා එක් වී ඒ ජාතික යුතුකම හා වගකීම ඉටු කරමු .

දැක්මක් නැති ,හිස් නායකයන් ගෝඨාභය මහතාට අභියෝග කරනවා . එතුමා එවැනි දේ වෙනුවෙන් කාලය කා දමන්නෙ නෑ .

ප්‍රතිවාදී අපේක්ෂකයන් ජනතාව ගොනාට අන්දන්න හදන උත්සාහය පරාජයට පත් කළ යුතුයි .යහපාලන ආණ්ඩුව ගත වූ අවුරුදු හතර හමාර කාලය තුළ රට ගොඩ ගන්න අමාරු තැනකට තල්ලු කළා .එහි කොටස් කරුවන් රට හදන්න ආයේ බලය ඉල්ලන එක මොන තරම් මෝඩ අදහසක්ද?

මේ අය රටෙත් පොදු ජනතාවගේත් ආරක්‍ෂාව නැති කළා ,ආර්ථිකය ,ජාතික සමගිය ,අපේ කම නැති කළා .ගොවි බිම් මුඩු බිම් වෙන්න ඉඩ හැරලා .ජනතාව අප්‍රමාණ දුක් විඳිනවා .රටේ ආර්ථික උල්පත් වසා දමලා .මේ පාපකාරී ආණ්ඩුව නිසා සොබා දහමත් කෝප වී තිබෙනවා .

දහම සමඟ බැඳුනු ආණ්ඩුවකින් තමයි මේ රට යළි ගොඩ ගන්න පුලුවන් .රටට දැයට ආදරය ඇති ප්‍රතිපත්ති ගරුක නායකයන් දෙන්නෙක් ළඟදීම මේ රට බාර ගන්නෙ .ඒ ගෝඨාභය – මහින්ද ආණ්ඩුව .එය පොදු ජනයාගේ පැතුමයි .ජාතියේ ඉරණම විසඳෙන ඒ ආණ්ඩුවට අප ආශීර්වාද කළ යුතුයි .අපට අනාගතයක් ඇත්තේ නීති ගරුක – යුක්ති ගරුක හා මානව දයාවෙන් යුත් මිනිසුන් සිටින සමාජයක් නිර්මාණය කර ගත හොත් පමණයි .ඒ සඳහා ආදර්ශමත් නායකයන් අවශ්‍යයි .වෙනස් ව හිතන සමාජයට ගැලපෙන ලෙස අප ඉදිරියට යන්න ඕනෑ .ජනතාව ගෝඨා – මහින්ද සුසංයෝගයෙන් යුත් ආණ්ඩුවක් ගැන බලා පොරොත්තු වුනේ උදාර අරමුණු වෙනුවෙන් .ඒ උදාර අරමුණු ඉටු වී අපේ මාතෘ භුමිය ආරක්ෂා වේවා යැයිද හෙට්ටිගේ මහතා පැවසීය

– KH media

53 views

5 Comments to “ගෝටාභය දිනන බව එජාපයත් පිලිඅරන්..”

  1. සිංහලයා says:

    ගූඇන්පී එකේ ඉන්නේ මහ විලිලැජ්ජා නැති අසූචි කන හැත්තක්.මෙදා පාර උන් ඔක්කොම මකබෑවෙනවා සත්තකින්ම

  2. රන්බණ්ඩා says:

    ඒ විතරක් නෙවෙයි බොලං,
    බහුතරයක්ම ඔය යූ එන් පී කාරයෝ කියන්නෙ ඇත්තටම මේ රටට සංසාරිකව වෛර කරන එවුන්මැයි.
    රන්බණ්ඩා හැමදාමත් අතලොස්සක් අපේම සිංහල උන්ට ගොන් මෝල්ලුයැයි අකමැත්තෙන් උනත් ආමන්ත්‍රණය කෙරුවෙ, සිංහල අපේම උන් මේ රටේම ජාතක වෙලා, මේ පොළොවෙ සාරය උරාගෙන අන්තිමේට රටට වින කටින රනිල් වික්‍රමසිංහ වගේ කාලකණ්නි පරයන්ගේ පස්සෙ එල්ලීගෙන අපේ මේ පිංබිම විනාශ කොරගන්න අත් උදව් දෙන හින්දයි බොලව්.
    දැන්වත් අදිටන්කොරගනිල්ලා, මේ කාලකන්ණි යහපාලන පර බල්ලන් මකබාවලා දමලා,මේ වතාවෙදිවත් අපේ රටට කැප නායකයෙක් තෝරාගන්න.

    • ක්‍රිමිනල් says:

      අනේ පලයං බන් මාමේ ! යහපාලනේ බාගයක් ඉන්නේ ඔය පැත්තේනේ. යහපාලනේ නායක අතිගරු මෙතුපල් සිරිසේණයන් පොහොට්ටුවේ ඉස්ටේජ් නගින්නයි ලක ලෑස්තිය. ඔන්න ඔහේ නොදන්න දේශපාලනේ කතා නොකර කුබුරක් කොටාගෙන හිටපිය.

      • සිරිතේක්කු says:

        යකෝ ඉතින් යහපාලනේ නීලකාස හොරුත් එක්ක තවදුරටත් රට කන්ඩ ඉඩ දෙන්ඩ බැරි හින්දනේ 

        සිරිසේන උන්නැහේ ඒකෙන් අයින් වුනේ.

        එතුමා ඒකෙන් අයින් වුනාට පස්සෙ ජාතිය අමතා කරපු කථාව උඹ අහල නැද්ද?
         
        නැත්නම්, අන්තර් ජාලෙන් හොයාගන බලපන්,  මේ රටේ ජනතාවගේ හිත්වලට විෂබීජ දාන්නෙ නැතුව!

  3. Saradiel says:

    ඉතිහාස ගතවෙන ජයක් ජය ශ්‍රී

Main News