ගෝටාභය දෙවරක් ජනාධිපති වෙනවා.. මහින්ද අගමැති වෙනවා.. දිනේෂ් ළගදීම විපක්ෂ නායක..- විජිත් රෝහණගෙන් අලුත්ම අනාවැකියක්…
April 24, 2018 at 10:00 am | lanka C news
ඒකාබද්ද විපක්ෂයේ නායක පාර්ලිමේන්තුමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ කේන්ද්‍රය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රයට සමාන රාජ යෝග ඇති බව ජ්‍යේතිර්වේදී විජිත් රෝහණ විජේමුණු මහතා පවසයි.
දිනේෂ් ගුණවර්ධන මහතාගේ කේන්ද්‍රය අනුව ඉදිරි කාල සීමාවේදී මෙරට විපක්ෂ නායක හෝ අගමැති ධුරය ලැබීමේ තත්වක් පෙන්නුම් කරන බවද ඔහු සදහන් කරයි.
විපක්ෂ නායක කම ස්ථිරවම ඉදිරියේදී ගුණවර්ධන මහතාට ලැබෙනු ඇති බවත් සදහන් කරන ඔහු ගෝටාභය රාජපක්ෂ මහතා මෙරටේ දෙවරක්ම ජනාධිපති වන බවත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් වන බවත් සදහන් කරයි.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස භංගයෙන් ඉතා පහසුවෙන් ජයගන්නා බව විශ්වාස භංගයට දින කිහිපයකට පෙරදී ඔහු අනාවැකියක්ද පල කලේය.
ගෝටාට සහ අනික් සියලු බලය ලබා ගැනීමට හා බලයේ රැදී සිටින්නට පතන දේශපාලකයන් හට කියන වග නම්, මේ අම්බරුවන් එළවාදමා, හොද පුද්ගලික ඔත්තු සේවයක් සහ සංක්‍යානය හා දත්ත පිලිබඳ කෙල පැමිණි උගත් කන්ඩායමක සේවය ලබා ගතහොත් අනාගත මැතිවරණ ප්‍රතිඵල ගැන ටක්කෙටම හරියන අනාවැකි ලබාගත හැකි බවය්.
මූ කියපු නිසාම දැන් ගෝට පරදියිද දැන්නෑ. අය්යෝ කටවහ!
Thank you. We waited long enough for this. You were right about Trump and I am looking forward to your latest predictions coming true.
Country full of idiots and day dreamers.
ගෝටාභය දෙවරක් ජනාධිපති වෙනවා.. මහින්ද අගමැති වෙනවා.. දිනේෂ් ළගදීම විපක්ෂ නායක වෙනවා..- විජිත් රෝහණ ලඟදීම හිරේ යනවා