ගෝටාභය නම් කිරීම නියමායි.. අපට පරදවන්න පහසුම ප‍්‍රතිවාදියා ඔහුයි.. එජාප ජය ඒකාන්තයි..

August 12, 2019 at 6:48 pm | lanka C news
ගෝටාභය නම් කිරීම නියමායි.. අපට පරදවන්න පහසුම ප‍්‍රතිවාදියා ඔහුයි.. එජාප ජය ඒකාන්තයි..

ගෝටාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම එක්සත් ජාතික පක්‍ෂයට කිසිම අභියෝගයක් නොවන බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයට පරාජය කිරීමට ඉතාම පහසුම අපේක්ෂකයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතා යයිද ඔහු සදහන් කලේය.

පෙර පැවති ජනාධිපතිවරණයටත් වඩා වැඩි ඡුන්දයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට මෙවර එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මහනුවරදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

 

52 views

35 Comments to “ගෝටාභය නම් කිරීම නියමායි.. අපට පරදවන්න පහසුම ප‍්‍රතිවාදියා ඔහුයි.. එජාප ජය ඒකාන්තයි..”

  1. ක්‍රිමිනල් says:

    බොරු බයිලා ඔන්නෑ , ගොඨා ඉන්නේ යු ඇන් පී ප්‍රමුඛ සන්ධානයේ වෙන්ඩ ඉන්න අපේක්ශකයට වඩා ගව් ගානක් ඉදිරියෙන්. සත්‍ය තේරුම් අරගෙන ගොඨාට ගේමක් දෙන්නනං පහුගිය අවුරුදු පහේ කෙලපු පිස්සු නවත්තලා ජනතාවට සංවේදී පුද්ගලයෙක් අපේක්ශත්වයට පත්කල යුතුය. මඩ , බොරු ප්‍රචාරයන් ඇතෑරලා , යු ඇන් පී ප්‍රමුඛ සන්ධානයේ අපේක්ශයාගේ වැඩ පිලිවෙල කල එළි බැස්සවිය යුතුය , පුලුල් සන්ධානයක් තුල මිසක ගොඨාට තරගයක් දිය නොහැක. යල් පැන ගිය දියාරු සටන් පාඨ වලින් මිදී , රට ඉදිරියට ගෙන යා හැකි ප්‍රභල ප්‍රතිපත්ති මාලාවක් මහජනතාවට ඉදිරිපත් කල යුතුය. දේශපාලන ඩීල් , මඩ , යටිකුට්ටු කැම්පේන් වලින් ගොඨාට තරගයක් දිය නොහැක.

Main News