ගෝටාභය මේ මාසේ අත්අඩංගුවට ගන්නවා.. රාජපක්‍ෂලා හිරේ දමනවා..- අමරවීර කියලා..

July 7, 2017 at 11:10 pm | lanka C news
ගෝටාභය මේ මාසේ අත්අඩංගුවට ගන්නවා.. රාජපක්‍ෂලා හිරේ දමනවා..- අමරවීර කියලා..

මාසයක කාලයක් ඇතුලත තමන් අත්අඩංගුවට ගන්නා බව ඇමති මහින්ද අමරවීර මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීන් පිරිසකට කියා ඇති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇමති මහින්ද අමරවීර කියා සිටින්නේ තමන් කිසිදු අවස්ථාවක මෙවන් ප‍්‍රකාශයක් නොකල බවයි.

රාජපක්‍ෂලා හිරේ දමන බවට තමන් පැවසුවේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත විසින් කරන ලද ප‍්‍රකාශයක්ද ඔහු ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබීය.

110 views
Main News