ගෝටාභය යටතේ 15 වසරක් ඉන්නට හිත හදාගන්නවා.. ඉතිහාසයේ බලවත්ම ආණ්ඩුව මෙයයි.. 2015දී මහින්දගේ ආණ්ඩුව මෙන් පෙරලිය නොහැකියි..- නිර්මාල් දේවසිරි

August 21, 2020 at 10:26 pm | lanka C news
ගෝටාභය යටතේ 15 වසරක් ඉන්නට හිත හදාගන්නවා.. ඉතිහාසයේ බලවත්ම ආණ්ඩුව මෙයයි.. 2015දී මහින්දගේ ආණ්ඩුව මෙන් පෙරලිය නොහැකියි..- නිර්මාල් දේවසිරි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ තවත් වසර 15ක් පමණ සිටීමට හිත හදා ගත යුතුය යැයි ආචාර්ය නිර්මාල් රංජිත් මහතා සඳහන් කරයි.

මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවූ ශක්තිමත්ම ආණ්ඩුව මෙම ආණ්ඩුව බවත් එය 2015 මහින්ද ආණ්ඩුව මෙන් පරාජය කළ ආකාරයෙන් පරාජය කල නොහැකි තරම් ශක්තිමත් බවත් ඔහු පවසයි.

මෙම ආණ්ඩුවේ රහස වන්නේ ආණ්ඩුව පසුපස සිටින අතිශයින් බල සම්පන්න සමාජ බලවේගයක් බවත් ඔහුගේ අදහසයි.

ඒ මහතා විසින් මේ බව සඳහන් කරමින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙහි දැක්වේ.


ගෝඨාගේ ආණ්ඩුව
===========

ගෝඨාගේ ආණ්ඩුව ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආණ්ඩුවකි. එය යම් කිසි ආකාරයකින් සංසන්දනය කළ හැක්කේ 1970 ආණ්ඩුවටයි. ඒ ඒ පසුපස නිෂ්චිත ආර්ථික චින්තනයක් තිබේය යන අදහසිනි. නමුත් ගෝඨාගේ ආණ්ඩුව 1970 ආණ්ඩුවට වඩා ශක්තිමත්ය. 70 ආණ්ඩුව 75 බිඳ වැටුණි (මතක තබාගන්න 77 නොවේ.) ඒ සම සමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟයි.

70 ආණ්ඩුවට වෙනස් ලෙස මේ ආණ්ඩුව පසුපස අතිශයින් බලසම්පන්න සමාජ බලවේගයක් සිටී. එය අපට ටෙක්නොක්‍රැටික් පංතියක් ලෙස හැඳින්විය හැක. වියත් මග තුළ මේ පංතියේ ආර්ථික දැක්ම හඳුනාගත හැක.

ගෝඨා යටතේ තව අවුරුදු 15 ජීවත් වීමට සිත හදාගෙන සිටිමියි මම 2009 දී ප්‍රකාශ කළෙමි. 2015 දී පරාජයට පත්වූයේ ගෝඨාගේ ව්‍යාපෘතිය නොවේ මහින්දගේ ව්‍යාපෘතියයි. ගෝඨාගේ ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුව නොවේ. මහින්දගේ ආණ්ඩුව පෙරළා දැමූ ආකාරයෙන් ගෝඨාගේ ආණ්ඩුව පෙරළා දැමිය නොහැක.

දැනට ගෝඨාගේ ආණ්ඩුවට විකල්පයක් පේන තෙක් මානයේ නැත. ඒ නිසා මේ ආණ්ඩවට විරුද්ධව කටක් ඇරීමට හෝ හැකියාව ලැබෙන්නේ අඩුව තරමින් ඉදිරි වසර දෙක තුන තුළ මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළේ සාර්ථකත්වය තීරණාත්මක ලෙස පරීක්ෂාවට ලක් වීමේන් පසුවයි. එවිට පමණි. එතෙක් කරන විවේචන චරිත කාරියවසම් මා සම්බන්ධයෙක් කරන ප්‍රකාශයක් භාවිත කර කියනවානම් කැටපෝල සෙල්ලම් පමණි.

– nirmal dewasiri FB

110,978 views

33 Comments to “ගෝටාභය යටතේ 15 වසරක් ඉන්නට හිත හදාගන්නවා.. ඉතිහාසයේ බලවත්ම ආණ්ඩුව මෙයයි.. 2015දී මහින්දගේ ආණ්ඩුව මෙන් පෙරලිය නොහැකියි..- නිර්මාල් දේවසිරි”

  1. Sena says:

    No need to take serious what this man says bz the predictions given by this idiot in the past have been of no use.

  2. කුඹුක්කණ් says:

    දේවසිරි
    අවුරුදු 15 ක් ඉන්න නෙවෙයි, මේ අවුරුදු 15 තුල උඹ මැරිලා පල. මුස්පේන්තු හිඟන්නා

  3. ivan says:

    We all know that you are not a extraordinary man to say so.

  4. Leyon Ma says:

    තව අවුරුදු 15 කින් බොගෙ වයස කීයද ? ( 1991 දී 28 යි වගෙ මතකයි.) NGO සල්ලි නැතිව ඒ තරම් කාලයක් බොට සාගතෙන් නොමැරී ඉන්න පුළුවන් වෙයිද ? අවස්තාවාදී කාලකණ්ණි හිවලා…!

  5. It all depends on how they avoid the past mistakes they have committed. And also
    on how they deal against the racialist separatism and extreme religious fanáticism.

  6. RAYMOND says:

    ඒක ඇත්තනේ
    රටේ විපක්ෂ ය හැටියට හරින් දැක්කේම සුදු ඉර කපාගෙන යන කාර් එක
    අනික සජිත් කතා කලේ ඉංගිරිසි වලින්
    සජිත් පැමිණි සිටි විදෙශිකයො වෙනුවෙන් කතා කලා කියලා හිතන්න බෑ
    මොකද මුලින්ම පාර්ලිමේන්තුවේ මහත්මයා ක් කිව්වා සිංහල දෙමළ ඉංග්‍රීසි ඕනෑ ම බසකින් කාතා කරන්න එය පරිවර්තනය කරනවා කියලා

  7. baiya says:

    sorry. 69 lakshe 68 laksheta basse

  8. SuMa says:

    ආචාර්ය නිර්මාල් රංජිත් මහතාට උපරිමව කළ හැක්කේ වහිනවිට වහිනවා කීමටත් පායනවිට පායනවා කීමටත් පමණි.
    පරිකල්පන ශක්තියක් නොමැත. ඔහුගේ ඉතිහාසය පරීක්ෂා කර බලන්න.

Main News