ගෝටාභය යුද්දෙට බයේ රටින් පැනල ගියා.. ජනාධීපතිකම අහෝසි කරන්නෙ ඔහුට බයේ නොවෙයි..

March 11, 2019 at 3:50 pm | lanka C news
ගෝටාභය යුද්දෙට බයේ රටින් පැනල ගියා.. ජනාධීපතිකම අහෝසි කරන්නෙ ඔහුට බයේ නොවෙයි..

‘චන්ද්‍රිකා මැතිණිය, මහින්ද මහත්තය දෙවරක් ජනාධිකම අහෝසි කරන බව කිව්වා. සිරිසේන මහත්තයා ආවේ ජනාධිපති ධූරය අහෝසි කරන්න. 20 වැනි සංශෝධනය සම්මත කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයක් අවශ්‍යයි. අපි විපක්ෂ නායක තුමා වුණා. ලබන සදුදා දෙමල සන්ධානය සමග සාකච්ඡා කරනවා. සමහර අය කියනවා අපි මහින්දත් එක්ක රට හදන්න හදනවලු. මහින්ද රනිල් මෛත්‍රීපාල සමග රට හදන්න බැහැ කියල අපි තීරණය කර අවසන්’ යැයි ජනතා විමුක්කි පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (10) බළපිටියේදී ප්‍රකාශ කළේය.

මෛත්‍රීපාල මහත්තයා, රටේ මත් දව්‍ය, කසිප්පු නැති කරනවා කියනවා. මේවා කිව්වම අපේ කාන්තාවෝ කැමතියි. බොන මිනිහා කොහොමත් බොනවා. කසිප්පු නැති කරාම මිනිස්සු අරක්කු වලට පුරුදු වන බව ප්‍රකාශ කල ටිල්වින් සිල්වා මහතා මත් දව්‍ය ජාවාරම් කරුවන් එල්ලන බව කියන්නේද බොරුට යැයි අවධාරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ බළපිටිය ආසන බල මණ්ඩලය පිහිටුවීමෙන් පසුව පැවති උත්සවයේදී ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය. රැස්වීම බළපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.

අද දුප්පත්කම විශාල වශයෙන් තිබෙනවා. නමුත් දරුවන්ට ළමා කාලය අහිමි වෙලා. මිනිස්සු මනුෂත්වය අතහැර මුදල් පසුපස ගොස් තිබෙනවා. දරුවා පාසැලට දාගන්න අල්ලස් දෙන්න වෙලා. ගාල්ලේ විදුහල්පතිනියක් රුපියල් ලක්ෂයක් අල්ලස් අරන් අත් අඩංගුවට ගත්තා. වැඩිහිටියන් බලු කූඩුවේ දමල හදන සමාජයක් අද තිබෙන්නේ. ඒ නිසා මේ සමාජයට වඩා හොද සමාජයක් නිර්මාණය කලහැකි වෙනසක් රටට අවශ්‍යයි.

අපි වසර 71 ක් කොලපාටට, නිල්පාටට කතිරය ගහල මේ වන විට රට බෙදිලයි තිබෙන්නේ. අද අපේ රට රුපියල් කෝටි දස ලක්ෂයක් විදේශයන්ට නය වෙලා. ලෝකයේ බොහෝ රටවල් අපේ රටෙන් නය වාරික ඉල්ලා සිටිනවා. චීනයෙන් නය අරන් හම්බන්තොට වරාය හැදුවා. නය ගෙවා ගන්න බැරි වුණාම වරාය චීනයට දෙන්න වුණා. අපේ රටේ කුඹුරු කරන්න පුළුවන් කම තිබෙද්දි කර්මාන්ත කරන්න පුළුවන් කම තිබෙද්දි රට නය උගුලක හිර කරල. රට සංවර්ධනය කරා කියල ආණ්ඩුව පම්පෝරි ගහනවා. නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ හැදුවා කියනවා. නමුත් රටේ ජනතාවට සාමය නැහැ.

රටේ වාහනයක් අරන් පාරට බහින මිනිස්සුන්ගෙන් සැලකිය යුතු කොටසක් ආපසු එන්නේ නැහැ. මිනිස්සු ප්‍රශ්ණත් එක්කයි පාරට බහින්නේ. ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමා රට ගොඩනගන්න සැලසුම් හදන්නේ නැහැ. ඒ අය සියළු කාලය වැය කරන්නේ ඊලග ඡන්දයෙන් දිනන්නේ කොහොමද කියල බලන්නයි. සිරිසේන මහත්තයා ආවේ ජනාධිපති ක්‍රමය නැති කරන්නයි. එතුමා කිව්වේ තමා අවසන් ජනාධිපති කියලයි. දැන් එතුමා මහන්සි වෙන්නේ රටේ මත් දව්‍ය නැති කරන්නයි. කසිප්පු නැති කරනවා කියනවා. මේවා කිව්වම අපේ කාන්තාවෝ ටිකක් කැමතියි. මොකද මහත්වරු උපයන සල්ලි වලින් ලොකු කොටසක බොන නිසා. හැබැයි බොන මිනිහා කොහොමත් බොනවා. කසිප්පු නැති කරාම මිනිස්සු අරක්කු වලට පුරුදු වෙනවා. දැන් අරක්කු වල බදු වැඩියි. අන්තිමට වෙන්නේ කසිප්පු බිව්වට වඩා ගානක් අරක්කු වලට වැඩි ගානක් යන එකයි.

අපේ රටේ හෙරොයින් හදන්නේ නැහැ. පොපී මලෙන් ගන්න ශ්‍රාවයෙන් හෙරොයින් හදන්නේ. අපේ රට දූපතක්. රට වටේටම මුහුද තිබෙන්නේ. හොද නාවුක හමුදාවත් තිබෙනවා. මුහුදෙන් හෙරොයින් එන එක වලක්වන්න පුළුවන්. ගුවනේ ආරක්ෂාවත් හොදට තිබෙනවා. ගුවනෙන් හෙරොයින් එන එකත් වලක්වන්න පුළුවන්. හෙරොයින් ලංකාවට ගේන අය දේශපාලනඥයින් එක්ක සම්බන්ධයි. පසුගිය ආණ්ඩු කාලයේ කුඩු කන්ටේනරයක් ගෙනාවා. දිමු ජයරත්න අගමැතිතුමාගේ ලියුමකට එය මුදා හැරියා. කුඩු ජාවාරම් කරන අය එල්ලලා මරණවා කියනවා. එල්ලන කඹයත් ගෙනාවලු. එල්ලන රාජකාරිය කරන අයත් අයදුම්පත්‍ර කැදවල බදවාගෙන තිබෙනවා. හැබැයි කව්රුවත් එල්ලුවේ නැහැ. මේවා බොරු කතා.

මහින්ද මහත්තයා මතට තිත කියල, වැඩ සටහනක් ආරම්භ කළා. ඒ ඇමති මණ්ඩලයේම කුරුණෑගල මිනිහෙක් එතනෝල් ගෙනැල්ල අරක්කු නිශ්පාදනය කළා. මාතලේ නියෝජ්‍ය ඇමතිවරයෙක් හාල් වලින් බියර් හැදුවා. අන්තිමට තිතට මත ක්‍රියාත්මක වුණා.

චන්ද්‍රිකා ජනාධිපතිනිය දෙවරක් ජනාධිපති ධූරය අහෝසි කරන බව කිව්වා. මහින්ද මහත්තයත් ඒ කතාවම දෙපාරක් කිව්වා. සිරිසේන මහත්තයා ආවෙත් ජනාධිපති ධූරය අහෝසි කරන්න. දැන් අපි ඒ සදහා 20 වැනි සංශෝධනය ගෙනැත් තිබෙනවා. මේ සදහා පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයක් අවශ්‍යයි. ඒ සදහා අපි පසුගිය සතියේ විපක්ෂ නායක තුමා සමග සාකච්ඡා කළා. ලබන සදුදා දෙමල සන්ධානය සමග සාකච්ඡා කරනවා. සමහර අය කියනවා මහින්ද හමුවෙලා මහින්ද සමග දේශපාලනය කරන්න කතා කළාලු. අපි මහින්දත් එක්ක රට හදන්න හදනවලු. අපි තීරණය කරල ඉවරයි, මහින්ද රනිල් මෛත්‍රීපාල සමග රට හදන්න බැහැ කියල.

සමහර දේශපාලන පක්ෂ වල වලං හොදන අය ගෝඨභය කෙනෙක් ජනාධිපතිවරණයට ගේන්න හදනවා. ජනාධිපතිවරණයට ගෝඨාභය එනවට කව්රු බය වුණත් ජවිපෙ බය වෙන්නේ නැහැ. අපි ජේ ආර් ට වත් බව වුණේ නැහැ. ගෝඨාභයට කොහොමටත් බව නැහැ. එයා යුද්ධයට බයේ රට පැනල ගිය කෙනා. ජනතාවාදී ආණ්ඩුවක් හදන්න කිසිම කෙනෙකුට තනියෙන් කරන්න බැහැ. අපිට තනියෙන් එය කරන්න පුළුවන් නම් අපි කරල ඉවරයි. ආණ්ඩුවක් හදන්න බහුතරයේ කැමැත්ත අවශ්‍යයි. ඒ සදහා අපේ බල මණ්ඩල ශක්තිමත් කිරීම අවශ්‍යයි.

– ජයකාන්ත ලිනගේ

19,763 Viewers

22 Comments to “ගෝටාභය යුද්දෙට බයේ රටින් පැනල ගියා.. ජනාධීපතිකම අහෝසි කරන්නෙ ඔහුට බයේ නොවෙයි..”

  1. LION says:

    රනිල්ට සම්බන්දන්ට රට බෙදන්න කඩේයන වසලයෝ මුන්ට චන්දය දීමෙන් වලකින්න

    • tikka says:

      දැන් මේ කතාව අහපු ගෝඨට මනාපෙ දෙන්න ඉන්න එවුන් ජෙප්පොන්ට දෙයිද.. ? මෙව්වට තමා කියන්නෙ උඩ බලාගෙන කෙළ ගහනවා කියල.. මේ කතාව පිලිගන්නෙ ජෙප්පොම තමා .. හූඇන්පී කැපුවත් කොළරා එවුන්ට මේක බ්යිට් ටොපික් එකක් වෙයි. කියාපියකො කොටින්ට බයේ නොගිය කොබ්බෑකඩුව විජය විමලරත්නට යුද්දෙ ඉවර කරන්න පුළුවන් උන හැටියි. .. බයේ ගිය ගොඨට කිසි වැඩක් කරගන්න බැරි උන හැටියි.

      • ජෙපි දර්ශණය (J.P.Darshana) says:

        අපේ සහෝදර වරු ධනපතියන්ගේ පාලන ක්‍රම වෙනස් කරන්න මේ තරම් මහන්සි වෙන්නේ ඇයි අප්පා?
        මොන ක්‍රමේට පාලනය කරත් උන් රදලයෝම තමා.
        රනිල් මහත්තයා නම් කොහොමත් රදළයා.
        මහින්ද මහත්තයා නම් ටිකක් හරි අපේ පන්තියේ කෙනෙක්.
        ඒත් අපේ සහෝදර වරු අපිව අමතක කරලා රනිල් මහත්තයා වෙනුවෙන් මෙච්චර කැප වෙලා වැඩ කරන්නේ ඇයි කියලා මට නම් හිතාගන්න බෑ

    • KP says:

      දැං ඉන්න ජෙප්පො නායකයො මෙච්චර මෝඩයි කියලා පේන්නෙ දැංනෙ…මෙච්චර කල් මුං මාක්ස් වාදෙට මුවා වෙලා මෝඩකම වහගෙන හිටියා. මේ කතාවෙ තියන මෝඩ අදහස් කීපයක් මෙන්න:
      1. “වාහන පාවිචච්චි කරන අයගෙන් සැලකිය යුතු පිරිසක් ආයි ගෙදර එන්නේ නෑ” – මේ රටේ වාහන තියෙනවා මිලියන 3ක්. අවුරුද්දට 3500 ක් රිය අනතුරු වලින් මැරෙනවා. ඒකෙන් 50% ක් බස්වල යන අයයි පදිකයොයි. එතකොට වාහන වල යන අය 1750යි. මිලියන 3න් 1750කි කියන්නේ 0.005%ක්
      2. “කසිප්පු බීපු එවුන් අරක්කු බොනවා” – නිකං දුන්නොත් බොනවා. ඒ ඇරෙන්න කසිප්පු නැති නිසා අරක්කු බොන කසිප්පුකාරයො මං දැකලා නෑ විතරක් නෙවෙයි සමීක්ෂණ වලට අහුවෙලත් නෑ
      ලාල් කාන්ත බීලා අහුවුනාට පස්සේ මුන් අරක්කු නලටත් කඩේ යනවා. මුංගෙ අර උදුල් කියන එකා මදුෂ් බේරන්න අරාබියෙ ගියෙත් ඇයි කියලා පේනවා

    • 77 UNP says:

      තමුන් ලිංගික සම්බන්ධතා පවත්වපු කාන්තාවකට දරුවෙක් ලැබුනම ඒ දරුවාගේ පීතෘත්වය පිළිගන්න බැරි කොන්ද පන නැති සෙවලයෙක් කර්නල් ගෝඨාභය ගේ යුද්දෙට ඇති භය ගැන කථා කරනවා. ලෙෆ්ටිනන් තනතුර සහ ඊට පහල තනතුරු යුදහමුදාවේ වඩාත්ම අනතුරු දායක ඒවා බවත් ඉන් ඉහල තනතුරු සාපේක්ෂකව අනතුරු දායකත්වය අඩු බවත් මුන් දන්නේ නැහැ. මුන් පෝස්ටර් ජනරාල් ලා නිසා යුදහමුදාවේ අනතුරු දායක සහ සාපේක්ෂකව අනතුරු දායකත්වය අඩු තනතුරු ගැන දන්නේ නැහැ.

    • Amda says:

      These maggots are dead scared of Gota…They pee in pants when they hear his name

  2. Dev says:

    Me mona hikanalayek da
    Amathaka una JVP ne

  3. siri says:

    you all are not come for power,

  4. JVP මුලු දේශපාලන ඉතිහාසය පුරාම කලේ අනුන්ට මුක්කු ගහපු එක…JR..ගෙ ඉදල හැම කෙනෙකුටම වක්‍රව ආදාර කලෙ මුo…ගාන කපාගෙන අයින් වෙනව…වැඩි දෙයක් ඕනෙ නැහැ මුන් එක එකාගෙ වත්කම කවදාවත් කියල තියෙනවද…?…..ඔක්කොම කෝටිපතියො නෙමෙයිද…..

  5. Gamlath says:

    Vidayakaya ape ratata one. JVP aka suddunta , demalunta on a de krananne . wimal, gota , mahinda denna APA vidayakyanathi karanba.meka nathikalorh demalluii suddoi ape oluwata naginwa. Pl don’t do it we need exseacative power. Sinhala yathiya lankawa nobedi thiyaganna

  6. Nidan Hora says:

    JVP mini marala palapurudu aya. Daneta nikan burranna awilla…hi hi hi

  7. UNP GAL IBBA says:

    බඩගොස්තර වාදයට අදිපතිJVP බව මුලු ලංකාවම දන්නවා>??

  8. citizen says:

    Jr wage ahinsakayonwa gennalla rajapakshala wage sarwabaladarin ekka sansandanaya karanna epa
    Unp aandu kiyanne kohomath pathola ney.slfp aandu kiyanne darunu aandu eka mathaka thiyaganna.

  9. බන්ඩා says:

    ගෝටා හමුදාවට බැඳුනෙ කෙඩෙට් නිලධාරීයෙක් හැටියට බවත් ගජබා රෙජිමේන්තුවේ වසර විස්සක ක්‍රියාන්විත සේවයෙන් පසු වර්ණ සහ වීරත්වයට පදක්කම් ලබා සේවයෙන් ඉවත් වූයේ ලෙ.කර්නල් නිලයෙන් බවත් ජවිපෙ මිනී මරැවන්ට චිට් බෙදූ ටිල්වියා නොදන්නවා නොවෙය්.

    • Nava says:

      අනිත් එක ගෝටාභය 1992 වෙනකං ඊළාම් යුද්ධ 2ක ඉඳල 1992 ප්‍රේමදාසගෙ කාලේ සටන් විරාමේ ආවහමයි අයින් වෙලා ගියේ. රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම ගෝටාභයට දුන්නෙත් UNP ආණ්ඩු කාල වල.

  10. puncha says:

    Ane tin tin, umbala 88-89 kage redda asseda hitiye baye hangila Maha eka borelle pan poranuwe yanakota. Dan enawa Yuddeta nayakathwaya deepu gota bayagullek karanna.

    Umbala ta puluwan nam janadipathiwaraneta gihilla chanda laksha pahak aran penanpan. Maha chanden eka asanayak dinwala pennapan.

    Moda hettha

  11. Mahasona says:

    Jathiya Vinashakarana Peramuna idiots. Gotabhaya left the country but he came back and helped his brother to eliminate Demala terrorism. Are you a dumb idiot who cannot understand that.

  12. අපිට නම් පෙනෙනවා දැනටමත් ගෝඨාභයට බයේ කලිසමේ රෙවිල තියෙන්නෙ කාටද කියල!

  13. sunimal says:

    බටලන්ද ගැන සොයන්න බැරි වැඩබැරි ටාසන්ලා ගැන මොන කතාද

  14. මෝලංගිරියා says:

    විනාස කාලේ විපරීත ටිල්ලිං ටිල්ලිං ටිල්ලිං…!

  15. vishnu says:

    මේ මෝඩ හැතිකරේ පොස්ට් දාන්න එපා උදේ
    පාන්දරම. පළාත්පාලන චන්දෙදි හැඳි වීලාගෑවිල
    ගියෙ හැටියට මුන්ට ඊළඟ චන්දෙදි හැඳි
    ගෑවිල මස්තබල්දුවෙලාබොක්ක එලියට පනින්න
    තමයි මිනිස්සු චන්දෙ දෙන්නෙ.රටේ අවාසනාවට
    ඉපදුනු පාහර රනිල්ගෙ බත්බැලයෝ

  16. tilwin says:

    mmama bayaya nathiwa idiriyata awith uddaya awasan kala

Main News