ගෝටාභය විමල්ගේ වේදිකාවේ.. ජනාධිපති වූ පසු කඩිනම් කලයුතු යෝජනා දෙයි..

September 5, 2019 at 4:40 pm | lanka C news
ගෝටාභය විමල්ගේ වේදිකාවේ.. ජනාධිපති වූ පසු කඩිනම් කලයුතු යෝජනා දෙයි..

ජාතික නිදහස් පෙරමුණේ තුන්වැනි සමුළුව කොළඹදී පැවැත්වෙන බව එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

‘ජාතික නිදහස් පෙරමුණ තම තුන්වැනි ජාතික මහා සමුළුව සැප්තැම්බර් 8 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සවස 2.30ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේ සමුළුවට පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වීමට නියමිතයි.

එහිදී ගෝඨාභය රාජපක්ෂයන්ට ජයග්‍රහණයෙන් අනතුරුව ජාතික ප්‍රමුඛතාවන් ලෙස හඳුනාගෙන ක්‍රියාත්මක කළ යුතු යෝජනා සහිත යෝජනාවලියක් පිළිගැන්වීමට ද කටයුතු කරනවා.

මෙම අවස්ථාවට අපි විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල සහ ජාතික සංවිධානවල නායකයන්ට ගෞරවයෙන් ඇරයුම් කර තිබෙනවා.

මෙම සමුළුවට ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් දසදහස් සංඛ්‍යාත පිරිසක් එක්වීමට සූදානම්.

සමුළුව ඉරිදා දිනයේ සජීවීව අන්තර්ජාලය ඔස්සේ හා ජාතික නාලිකාවක් ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා’ යයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

37,941 Viewers

10 Comments to “ගෝටාභය විමල්ගේ වේදිකාවේ.. ජනාධිපති වූ පසු කඩිනම් කලයුතු යෝජනා දෙයි..”

  1. Janathawa says:

    Each and every citizens who are loyal to the motherland should help GOTA,with their any form of abilities at this crucial juncture to save the motherland.

  2. 19 අහෝසි කරමු
    විධායක ජනපති තනතුර රකිමු
    පලාත් සභා අහෝසි කරමු
    මනාප ක්‍රමය අහෝසි කරමු
    කේවල මන්ත්‍රී ක්‍රමය ගෙන එමු
    මන්ත්‍රී විශ්‍රාම වැටුප් නැති කරමු
    කොටසකට පමනක් දෙන වාහන තීරු බදු සහන අහෝසි කරමු
    වනාන්තතර විනාශ කරන්නන්ට මරනීය දඩුවම දෙමු
    වැව් සහ වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කරමු
    ගොවියාට සහන දෙමු
    ගොවි නිෂ්පාදන මිලට ගැනීමේ ක්‍රමවේද සලසමු
    ඒවා අපනයනය කරමු
    අනවශ්‍ය ආනයන නවතමු
    මුස්ලිම් ලමා විවාහ තහනම් කරමු
    මුස්ලිම් බහු විවාහ තහනම් කරමු

    • Saradiel says:

      Well said

      • යහපාල says:

        ඔකට තව එකතුවෙන්න ඔන. කුමන ජාතියක් යයි කියාගන්නා ඔනෑම අන්තවාදී බෙදුම්වාදීන්ට මරණිය දඩුවමද කුඩු , ගංජා, කසිප්පු හා ඕනෑම ආකාරයක විෂ මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට හා පාතාලයින්ට මංකලේලකාරයින්ට ස්ත්‍රී දූෂකයින්ට හා ළමා අපචාරීන්ට මරණ දඩුවම දීම.

    • නිළමේ says:

      හොද යෝජනාවලියක්! ඔක්කෝටම ඉස්සරවෙලා ඔය නම වෙනස්කරපං.

    • Gota Dinawamu says:

      Very nicely listed what we have to do.

    • Mr.Honest says:

      මෝඩයා කියලා තමන්ම නම දාගත්තට ඉදිරිපත් කරලා තියෙන්නේ බොහොම වැදගත් යෝජනා ටිකක්.

  3. First of all abolish 19th Amendment. We need a strong leadership. When there is more leaders, then there is crisis!

  4. PK says:

    Create Technical collages for Plumbers,Carpenters,brick layers,Auto Mechanics.Metal Fabricators……
    Once they learn their trade they can have their own business.

Main News