ගෝටාභය සමග අවබෝධතා ගිවිසුමකට සූදානම්.. තීරණාත්මක මධ්‍යම කාරක සභාවක් අද පස්වරුවේ..
August 26, 2019 at 1:20 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්රීලනිපය සහාය දෙන්නේ කාටදැයි එළැඹෙන සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙන පක්ෂ සමුළුවේදී ඉඟියක් සපයන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගත් එහි ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතා සමගත් වෙන වෙනම සාකච්චා කරන බවද ඒ මහතා පැවසීය.
එහිදී එකගතාවයකට පැමිණීමට හැකිවුනොත් ඔහු සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට සූදානම් බවද ඔහු සදහන් කලේය.
මේ අතර අද පස්වරුවේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බවද මහ ලේකම්වරයා කීය.