ගෝටාභය සමග පක්ෂ 19ක් එක්වෙයි.. 05 වැනිදා ගිවිසුම්ගත වේ..
September 27, 2019 at 6:48 pm | lanka C news
එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණය සඳහා දේශපාලන පක්ෂ 19ක් සමග ගිවිසුම් අත්සන් කිරීම සූදානම් කර ඇත.
මෙම උත්සවය ලැබෙන 05 වැනිදා කොළඹදී සිදුකිරීමට නියමිතය.
මෙම සියළු පක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහතා ‘නෙළුම් පොහොට්ටුව’ ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂ සමග සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවද මන්ත්රීවරයා සදහන් කලේය.