‘ගෝටාභය හදුනනවා’ කියා වංචා කලොත් දඬුවම්.. ක‍්‍රමවේදයෙන් පිට කිසි කාර්යක් නෑ..- ජනපතිගෙන් තද දැනුම් දීමක්..

November 29, 2019 at 8:40 am | lanka C news
‘ගෝටාභය හදුනනවා’ කියා වංචා කලොත් දඬුවම්.. ක‍්‍රමවේදයෙන් පිට කිසි කාර්යක් නෑ..- ජනපතිගෙන් තද දැනුම් දීමක්..

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ඇතැම් වංචනික පුද්ගලයින් සහ කණ්ඩායම් තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමග සමීප සබඳතා ඇති බව අඟවමින් ජනතාව මුලාකොට අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවට සාක්‍ෂි සහිත තොරතුරු වාර්තා වෙමින් පවතී.

විවිධ තනතුරු, පත්වීම්, ටෙන්ඩර් ආදිය ලබා දීමට උදව් කළ හැකි යැයි ඔවුහු ජනතාවට පවසති.

මෙවැනි පුද්ගලයින්ගෙන් ඇතැමෙක් ජනාධිපතිතුමාට බලපෑම් කිරීමේ හැකියාව පවා තමන්ට ඇතැයි ප්‍රකාශ කළ අවස්ථා දැන ගැනීමට ඇත.

ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාගේ ස්ථිරසාර පිළිවෙත වනුයේ සෑමවිටම පිළිගත් ක්‍රමවේදයට හා පටිපාටියට අනුව වැඩ කිරීම ය.

පටිපාටියෙන් බැහැරව තනතුරු පත්වීම් ටෙන්ඩර් ආදිය ප්‍රදානය කිරීම සඳහා එතුමා පොළඹවා ගැනීමට කවරෙකුට හෝ නොපිළිවන.

එබැවින් මෙවැනි වංචනික පුද්ගලයන්ට නොරැවටෙන්නැයි ජනාධිපති කාර්යාලය ජනතාවට කාරුණිකව දැනුම් දෙයි.

ජනාධිපතිතුමාගේ නම භාවිත කරමින් ජනතාව මුලාකොට වාසි ලබා ගැනීමට තැත් කරන අයට එරෙහිව නීතියට අනුව දැඩි පියවර ගනු ලැබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය

131 views

3 Comments to “‘ගෝටාභය හදුනනවා’ කියා වංචා කලොත් දඬුවම්.. ක‍්‍රමවේදයෙන් පිට කිසි කාර්යක් නෑ..- ජනපතිගෙන් තද දැනුම් දීමක්..”

  1. kamal says:

    රනිල් හා ජේ ආර් හිතාගෙන ඉන්නෙ බුදු දහම සංස්කෘතියට සාපේක්ෂ නැ කියා එය හරි නමුත් රනිල් දන්නෙ නැ සංස්කෘතියෙන් තොරව නිවන් දැකිය නොහැකි බව. මහසෙනෙවි සැරියුත් උතුමා මාලුකාරයන්ට තිසරණය දුන්නා නමුත් ටික දවසකින් සිලය නෙවෙයි තිසරණයත් කඩා ගත්තා මිට කිරිබත්ගොඩ ඥණානන්ද මහ රහත් හිමි

  2. kamal says:

    ජවිපෙට වැරදුනේ සිංහල සංස්කෘතිය තමයි බෞද්ධ සංස්කෘතිය කියා තේරුම් නොගෙන කපටි සංස්කෘති ලංකාවට ගේන්ඩ යාම

  3. Ravi says:

    Pls give us a hot line to complain. Thanks.

Main News