ගෝටාභය හමුදාවේ ඉද්දී සෙබලෙකුට පයින් ගහලා මැරුවා.. කෝප වූ සෙබලුන් ගෝටාභයට ගහලා පැන්නුවා..- ෆොන්සේකා
October 19, 2019 at 2:10 pm | lanka C news
ගෝටාභය රාජපක්ෂ මහතා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ රාජකාරි කරද්දී අසනීප සෙබෙලෙකුට පයින් ගසමින් බිම දිගේ ඇදගෙන ගිය බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ හේතුවෙන් රෝලී සෙබලා මිය ගිය බවත් එහිදී කෝප වූ සෙසු සෙබලුන් බහර ගෝටාභය රාජපක්ෂ මහතාට පහර දුන් බවත් ඔහු පැවසුවේය.
ඒ හේතුවෙන් එම සිථානයෙන් පලා විත් නුගේගොඩ නිවසේ සිටියදී එම ස්ථානයටද හමුදා සෙබළුන් පිරිසක් පැන පහර දුන් බවත් ෆොන්සේකා මහතා පැවසීය.
මේ සියල්ල ලිඛිත වාර්තා හමුදාව සතුව ඇතැයිද ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.