ගෝටාභය හොර ඡන්ද දැම්මාද.. පොලිසිය B වාර්තාවක් හදයි..

September 22, 2019 at 3:00 pm | lanka C news
ගෝටාභය හොර ඡන්ද දැම්මාද.. පොලිසිය B වාර්තාවක් හදයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

2005 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකාවේ පුරවැසිකම නොමැතිව ගෝඨාභය මැතිතුමා ඡන්දය පාවිච්චි කළා කියලා ලේක්හවුස් පුවත්පත්වල මීට සති කිහිපයකට පෙර පුවතක් පළ වුණා. ලේක්හවුස් කියන්නේ ආණ්ඩුවේ පචමෝල නිසා අපි ඒකට වැදගත්කමක් දුන්නේ නෑ. නමුත් ඊයේ දිනයේ පොලිසිය විසින් බී වාරතාවක් මගින් මේ පිළිබඳ විර්මශනයක් කරගෙන යනවා කියලා උසාවියට කරුණු ඉදිරිපත් කළා. ජනපතිවරණ ප්‍රකාශයට පත් කර තිබිය දී පොලිසියත් භාවිතා කරමින් තවත් ගෝඨාභය මැතිතුමා එරෙහි මඩ ප්‍රහාරයකට ලැහැස්ති වන බව පෙනෙන නිසා මේ කතාවේ ඇත්ත නැත්ත පැහැදිලි කිරීම අපේ යුතුකමක්.

ගෝඨාභය මැතිතුමා අමෙරිකාවේ නිත්‍ය නේවාසික තත්වය ලබා ගන්නේ තේරෙන භාෂාවෙන් කියනවා නම් green cardholder වෙන්නේ 1992 දී. ඒ කියන්නේ එතුමා තවමත් ලංකාවේ පුරවැසියෙක් නමුත් කැමති කාලයක් ඇමෙරිකාවේ ජීවත් වෙන්න වීසා තිබෙනවා. එක පැත්තකින් එතුමාට ඡන්ද අයිතිය තිබෙන්නේ ලංකාවේ. අනිත් පැත්තෙන් තමන්ගේ සහෝදරයෝ දේශපාලනය කරන නිසා ඡන්ද අයිතිය වැදගත්. ඒ අනුව මැදමුලන නිවසේ ඡන්දහිමි නාම ලේඛණයේ දිගටම ගෝඨාභය මැතිතුමාගේ නම තිබුණා.

2003 වසරේ දී ගෝඨාභය මැතිතුමා ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගන්නවා. නමුත් 2004 වසරේ ඡන්දහිමි නාමලේඛණයටත් පරණ පුරුද්දට නම එකතු කරනවා. 2005 ජනාධිපතිවරණ සමයේ සංධානයේ ජනාධිපති අපේක්ෂක වන්නේ තමන්ගේ අයියා මහින්ද රාජපක්ෂ මැතිතුමා. අයියාට උදව් කරන්න මේ මල්ලි ලංකාවට එනවා. එතැන දී තමන්ගේ නමට ඡන්දයක් තිබෙන බව දැන ගන්නවා.

2005 ජනාධිපතිවරණය කියන්නේ තියුණු කරගයකින් පස්සේ මහින්ද මැතිතුමා 50.29%ක් ජය ගත් මැතිවරණයක්. සෑම ඡන්දයක්ම වටින ජණාධිපතිවරණයක්. නමුත් මේ නීතිගරුක මල්ලි තමන්ගේ අයියා වෙනුවෙන් ඒ ඡන්දය පාවිච්චි නොකර ඉන්න තීරණය කරනවා. මොකද එතුමා දැන් ලංකාවේ පුරවැසියෙකු නොවන බව වෙන කවුරුවත් නොදැන සිටියත් එතුමාගේ හෘද සාක්ෂිය දන්නවා. තමන්ගේ අයියාට එක ඡන්දයක් වුවත් වැදගත් බව පෙනිලාත් මහින්ද අයියාට තිබෙන ආදරයට උඩින් නීතිය ඔසවා තබන්න ගෝඨාභය මල්ලි කටයුතු කළා. එතුමාට මඩ ගහන්න භාවිතා කරන්න හැදූ මේ කාරණයම එතුමාගේ අවංකකමට නීතිගරුක බවට පිදෙන මල් මිටක් බවට පත් වෙනවා.

– අරවින්ද අතුකෝරල

51 views

9 Comments to “ගෝටාභය හොර ඡන්ද දැම්මාද.. පොලිසිය B වාර්තාවක් හදයි..”

  1. එක්නැලිගොඩ says:

    බැංකු හොරු එළියෙ. බොරුවට ගොටා පසේ පන්නවා. යම් පාලනෙ.

    • Saman says:

      2003 ඇමරිකන් පුරවැසිකම අරගත්තම ලංකාවෙ පුරවැසිකම අහෝසි වෙනවා. එතකොට පරණ පුරුද්දට කියලා ගෙදර ගෘහ මූලිකයට බැහැ චන්ද නාමලේකනේ එයාගෙ නම දාන්න ඒක නීති විරෝධී. ගෘහ මූලිකයා චමල් රාජපක්ෂනම් එයාට හිරේ යන්න වෙනවා.

      • බරනජිත් says:

        සාමාන්යෙන් බැංකුවක් කැඩුවොත් අවුරුදු 20 කට හිරේ යවනවා….එතකොට රටක මූල්‍ය ආයතනය වන මහා බැංකුව එම රටේම අගමැති ඇතුළු ඇමතිලා ටික එකතු වෙන කලා රුපිඅල් ට්‍රිලියන එකොළහක් හොර කපුවහම කොච්චර කල් හිරේ යැවිය හැකිද?

        • Saman says:

          ගෝටගෙන් අහපන්. එයා මම දැක්ක මහ බැන්කු හොරු එක්ක නාමල්ගෙ වෙඩිමෙ උකුලු මුකුලු කර කර ඉන්නව.

  2. මව්බිම says:

    පුලුවන්නම් මෙම කාලකන්නි ආණ්ඩුව ගොඨාභය පෙරපාසල් කාලෙ කරපු වැරදක් අල්ලගෙන හරි නඩු දායි.

  3. Watchman says:

    Gota’s Sri Lankan Citizenship In Doubt ,Candidacy Under Cloud :
    Police have reported progress in their investigations into allegations Gotabaya Rajapaksa had failed to resume Sri Lankan citizenship he renounced in 2003 and raised serious doubts about his ability to stand at November’s presidential polls.
    The Criminal Investigations Department in a ‘B’ report informed Colombo Chief magistrate Lanka Jayaratne of the outcome of a near six-week investigation into complaints that Rajapaksa had failed to obtain dual nationality in November 2005 as claimed by him.
    “Now we are told that he renounced his US nationality on May 3 and if the police findings are upheld, we have a situation where Mr. Rajapaksa is stateless.”

  4. MD says:

    Breaking news ekak-Gotata ඇප බදින්න පැමිනි අය යට ඇදුම් ඇද නොසිටිය නිසා ඇපය අවලංගු කරන ලදි.

    • බරනජිත් says:

      බ්රෙඅකින්ග් නිව්ස් – MD කැමතිලු දෙකට නැවිලා පිටි පස්සෙන් ගන්න

Main News