ගෝටාභය 65%කින් දිනනවා.. හැකි නම් පරදවනු..
August 13, 2019 at 1:20 pm | lanka C news
වසර තිහකට පෙරාතුරව ක්‍රියාවට නැංවූ ගම් උදාව මත තවත් එල්ලී සිටින සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා රටට කාර්මික විප්ලවයක් උදා කිරීමට සැරසීම පුදුමයට කරුණක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
ශත වර්ෂ කිහිපයකට පෙරාතුරව යුරෝපය කේන්ද්‍ර කොට ගනිමින් සිදු වූ කාර්මික විප්ලවයක් ගැන වර්තමාන තොරතුරු තාක්ෂණ යුගයේ කතා කරන සජිත් සාමාන්‍ය පෙළ නොව පහ වසරවත් සමත්දැයි සාධාරණ සැකයක් මතු වන බවත් රණතුංග මහතා පැවසීය.
ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේදිය.
රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.
‘මේ රටේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුවක් පසුගිය 11 වැනි දා ඉෂ්ට කෙරුණා. එළැඹෙන ජනාධිපතිවරණයේ දී රට වෙනුවෙන් නොබියව පෙනී සිටින, කොන්ද පණ ඇති ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගන්නට බලාගෙන හිටපු ජනතාවට දැන් පොහොට්ටුවෙන් අභීත සෙන්පතියෙක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ තමයි අපි කවුරුත් හඳුනන ගෝඨාභය රාජපක්ෂ මහතා.
ගෝඨාභය කියන්නේ මේ රටේ කීර්තිමත් දේශපාලන පවුලකින් පැවත එන්නෙක් වගේම විනයගරුක නිලධාරියෙක්. එතුමාගේ පියා වගේම සොහොයුරන් තිදෙනා ශ්‍රී ලාංකේය දේශපාලනය නව මාර්ගයකට යොමු කිරිමට දායකත්වය දැක් වු ගෞරවණීය දේශපාලනඥයන් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ වගේම ගෝඨාභය කියන්නේ තමන්ට පැවරුණු වගකීම් අකුරට ඉටු කළ නිලධාරියෙක්.
අද වෙන කොට රට වැටිලා තියෙන්නේ ආර්ථික අගාධයකට. අනෙක් පැත්තෙන් ජාතික ආරක්ෂාව බින්දුවට වැටිලා. තවත් පැත්තකින් රටම විනයක් නැති, පාතාලයට යටවුණු, මහ දවාලේ මිනී මරන චිකාගෝවක් බවට පත්වෙලා තියෙනවා. මේ සියලු විපත් රටට උදා වුණේ 2015 දී ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සෙයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ දියුණුවෙන් දියුණුවට යමින් හිටපු රට අන්තිමේ දී සෝමාලියාවටත් අන්ත රාජ්‍යයක් බවට පත් වුණා. හැබැයි දැන් සමහරු පෝස්ටර් ගහනවා ඉන්න හිතෙන රටක් කියලා. ඉන්න හිතෙන රටක් නෙමෙයි මුන් ඔක්කොම මරාගෙන මැරෙන්න හිතෙනවා මේ කරපු අපරාදෙට. කොළඹ පාරක යන්න බැහැ කුණු ගඳ.
ළමයෙක්ට පාසල් යන්න නැහැ. අම්මා තාත්තා දෙන්නා බස් දෙකක කොළඹ එන යුගය ආයෙත් ආරම්භ වුණා. අහස උසට බදු ගහලා මිනිස්සු බදු බරෙන් මිරිකිලා ඉවරයි. වේල තුනක් කාලා හිටපු මිනිස්සු දැන් කන්නේ දෙවේලයි. ඕක තමයි යූ. ඇන්. පිකාරයන්ගේ ඉන්න හිතෙන රට. පෝස්ටර් ගහන්නම වටින රට. අපි කාගෙත් රට විනාශ කරපු පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ.
මේ වගේ වාතාවරණයක තමයි ජනාධිපතිවරණය උදා වෙලා තියෙන්නේ. අවුරදු පහක් පස්සට ගිය රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් නායකයෙක් තමයි දැන් රටට අවශ්‍ය. එහෙම නැතුව ගිනි පෙට්ටි ගෙවල් හදලා සදාදරණීය පියාණන්ගේ නාමයෙන් රට පුරා පෝස්ටර් ගහන පෝස්ටර් මාරයෙක් නෙමෙයි. හැමදාම අනුන් ඉස්සරහට දාලා ජනාධිපති අපේක්ෂකත්වය හිඟා කන කෙනෙකුත් නෙමෙයි.
මම දැක්කා සජිත් කියනවා කාර්මික විප්ලවයක් ආරම්භ කරනවා කියලා. මට නම් පේන විදියට එයා ඕලෙවල් විතරක් නෙමෙයි පහ ශ්‍රේණියත් අසමත් වගෙයි. නැත්නම් දෙයියනේ දැනගන්න එපැයි කාර්මික විප්ලවය කියන්නේ මීට වසර පන් හයසියයකට පෙර තිබුණු විප්ලවයක් කියන එක. මේ මනුස්සයා කතා කරන්නේ රට ආපස්සට අරගෙන යන්නයි.
හැබැයි පුදුමයකුත් නැහැ. මොකද ප්‍රේමදාස ජනාධිපතිවරයා වසර 30කට ඉස්සර කරපු ගම් උදාවම තාමත් කරන සජිත්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අවුරුදු තිහකට ඉස්සර තිබුණ රට නෙමෙයි දැන් තියෙන්නේ. ඉතින් කොහොමද අවුරුදු තිහකට ඉස්සර කරපු නිවාස ව්‍යාපෘති අදට ගැලපෙන්නේ? තාත්තාගේ වැඩේ කර කර ඉන්නවා මිසක් කිසිම අලුත් අදහසක් නැති ඇමැතිවරයෙක් තමයි සජිත් කියන්නේ. සජිත් ජනාධිපති කරන්න කථාකර කම්කරු ඇමති කියනවා මාධ්‍යවේදීන්ට පරිස්සම් වෙන්න කියලා. මාධ්‍ය වේදීන්ට පරිස්සම් වෙයල්ලා කියලා තර්ජනය කරන යහපාලන ආණ්ඩුවේ කම්කරු ඇමති කම්කරුවන්ට සලකණ විදිය අපිට හිතාගන්න පුළුවන්. ප්‍රේමදාස යුගයේ රග අපි හොදින් දන්නවා. ටයර් සෑයවල් වල තරුණ තරුණියෝ මරා දාපු කාලයක් ඒක. නැවත ප්‍රේමදාස යුගයක් ඇති වුවොත් අපේ රටේ තරුණ තරුණියන්ට දෙයියන්ගේම පිහිටයි.
අපි හිතන විදියට සජිත් ආවොත් ගෝඨාභය මහත්තයා දිනන්නේ සියයට 65ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන කියන එකත් මතක තියාගන්න. පෝස්ටර් ටිකක් ගහලා, උස මිටි බලලා රස්සා ටිකක් දුන්නම සජිත් හිතන් ඉන්නේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා. හැබැයි එයා තමන්ගේ ආසනෙත් සදා පරාජිතයි. ඔතැනත් උදා ගමක් හදන්න පුළුවන් සදා ආසනෙත් පරාජිත ගම කියලා.
මේ රේස් එකට අපි දාලා තියෙන්නේ අශ්වයෙක් නම් සජිත් කියන්නේ ගොලුබෙල්ලෙක් කියලා මතක තියා ගන්න. අපේ අපේක්ෂකයා ජාතික ආරක්ෂාව, නව තාක්ෂණය, ආර්ථිකය කියන අංශ සියල්ලගෙන් රට ගොඩගන්න පුළුවන් අපේක්ෂකයෙක්. බොරු කයිවාරු නැති වැඩ කරලා පෙන්නපු අපේකෂකයෙක්. ගෝඨාභය කියන්නේ රටම ඉල්ලන ජාතික අපේකෂකයායි.
– ප්‍රදීප් අනුර කුමාර
//කාර්මික විප්ලවය කියන්නේ මීට වසර පන් හයසියයකට පෙර තිබුණු විප්ලවයක් //
It seems he too has not passed O/L. Its between 1760-1840.
කර්මික විප්ලවය තාම තියෙනවා
ඔයා ol pass nadda karmika viplawaya iwara na.
Ko ithin nagayata mukuthma nedda
අපේ රටට අවස්ය වන්නෙ , පිනට කන්ට බොන්ට දෙන ඔය දෙගොල්ල්ලොම නෙවේ. හිහන්නො කියල හිතල නිකන් පින් පඩි දෙන එවුන් ලන්කාව විනශ කරනවා.
No one can defeat Gotabhaya. if Sajith is going be the candidate from UNP, Gotabhaya will win the Presidential election with majority of 2 million votes.
Sure. Gotabhaya will win this election ..JAYA WEWA
70% කින් තමයි ගෝටාභය සර් දිනන්නෙ අනිවාර්යයෙන්
Certainly!
We wish Mr. Gotabhaya Rajapakse all the best!
He is our only hope to put this country into right track.
Giya sareth MR 65% dinuwa kiyala thamayi kiwuwe…………result eaka baluwama gedara…..
giya sare droheen prabala una
me sare ewa baa
මහින්දගෙ පරාජය තමයි රටේ විනාශයෙ මුල. ඒ විනාශය තමයි යුඇන්පියෙ විනාශය සහ ගෝටාගෙ විජයග්රහනය. මේ රටාව හොදින් හදුනගෙන චන්දය නිවැරදිව පාවිච්චි කරන්න. ගෝටාට ජය නියතයි.
We need a visionary leader who sees unseen. In antient times Sinhalese were known as world’s greatest people. That must be the vision of this nation again. Every Sri Lankan must be a brand ambassador of this country. To achieve that, there must be a concerted and inclusive strategy. Mass media and social media can play a vital role in this regard. Let us chuck off petty party politics and rally behind Gota. So, that he doesn’t want the support of corrupted and opportunistic politicians.
සජිත් බදුල්ලේදී කියනවා ඇමරිකාවේ සිලිකන් වැලි ලංකාවේ පටන් නොගත්තේ ඇයි කියලා. අනේ මෙහෙමත් මෝඩයෙක්.
Menna thawath patta horek eliyata bahala , prasanna ranathunga , patta horek, saha thakkadi apathayek, anee ithin mun thamayi dan Gotawa wata karagena inne, prasanna ranathunga wage apathayo enawa nam apith wena athak balaganna onee,
Oya werradagena. Prasanna kiyanne Arjuna nevei halo