ගෝටා අපේක්‍ෂකයා නම් අපි ඡන්දය දෙනවා.. පොහොට්ටුවේ E-Canvassing කණ්ඩායමට ජනතාව කියති…

August 4, 2019 at 6:32 am | lanka C news
ගෝටා අපේක්‍ෂකයා නම් අපි ඡන්දය දෙනවා.. පොහොට්ටුවේ E-Canvassing කණ්ඩායමට ජනතාව කියති…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ E-Canvassing වැඩසටහන 03 දිවයින පුරා ක‍්‍රියාත්මක කෙරිණ.

මෙරට දේශපාලන පක්‍ෂයක් නවීන තාක්‍ෂණය ද උපයෝගී කර ගනිමිින් ගෙන්ගෙට ගොස් දේශපාලන ප‍්‍රචාරක කටයුතු වල නිරත වූ ප‍්‍රථම අවස්ථාව මෙය වේ.

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප‍්‍රදේශයේදී මෙම වැඩසටහනට එක් විය.

මෙහිදී එක් නිවසකට ගිය ප‍්‍රසන්න රණතුංග මහතාට එම නිවැසියන් කීවේ අපේක්‍ෂකයා ගෝඨා නම් මෙවර තමන්ගේ සහය පොහොට්ටුවට බවය.

තමන් පසුගිය ජනාධිපතිවරණයේදී හංසයාට සහාය දුන් බව පැවසූ ඔහු දැන්නම් මට මේ ආණ්ඩුව තිත්තවෙලා යැයි කීවේය.

ගෙන්ගෙට යාම අතරතුර මාඨ්‍යවේදීන් ප‍්‍රසන්න රණතුංග මහතාගෙන් ජනාධිපති අපේක්‍ෂකයෙකු නම් නොකර මෙවැනි ගෙන්ගෙට යාමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කලේ ඇයි දැයි ප‍්‍රශ්ණ කලේය.

රණතුංග මහතා කීවේ අපි මේ ගමනේදී අපේ ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන් විය යුතු දැයි ජනතා මතය විමසන බවයි ‘‘ජනතාවගේ මතය අපි පක්‍ෂයට දැනුම් දෙනවා එතකොට 11 වෙනිදා පක්‍ෂ සමුළුවේදී ජනතාව ඉල්ලන කෙනා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කරාවි’’ රණතුංග මහතා කීවේය.

එක්සත් ජාතික පක්‍ෂය අද බරපතල අර්බුදයකට ලක්ව ඇති බව පැවසූ රණතුංග මහතා එක්සත් ජාතික පක්‍ෂය අද මුහුණ පා ඇත්තේ අන්තෝජටා බහිජටා තත්වයකට බවද කීවේයග එක්සත් ජාතික පක්‍ෂයට ආර්්‍යාවක් ඇතත් ජනාධිපති අපේක්‍ෂකයෙකු නැති බව පැවසූ රණතුංග මහතා පොහොට්ටුවේ අපේක්‍ෂකයා නම් කළ විට රටේ ජනතාවගේ ජනතා පිබිදීමක් ඇති වන බවත් එක්සත් ජාතික පක්‍ෂයට යන එන මං නැතිව යන බවත් අවධාරණය කළේය.

– පදීප් අනුර කුමාර

103 views

19 Comments to “ගෝටා අපේක්‍ෂකයා නම් අපි ඡන්දය දෙනවා.. පොහොට්ටුවේ E-Canvassing කණ්ඩායමට ජනතාව කියති…”

  1. damian speed says:

    Gota enaeka sihinayak witharai…

    US Citizen

  2. Sun says:

    Do you think he can solve the problems what we are facing. What are the policies that he is going to implement. Changing the colour policy. Our people really foolish and no backbones. They think the person can solve the problems. What is democracy. We are respecting the principles and law and order. But can we expect from them the guidance. They do not care and do not know how to solve, I challenge. Continue the same but foolish people cannot visualize things. That is a dream only.

    • තොත්ත බබා says:

      Then What is your alternative. Whom is your suggession to be the next president

Main News