ගෝටා ඇමරිකානු පුරවැසියෙක්.. මෙහේ ඡන්ද බෑ.. මං පවුල්වාදයට විරුද්දයි..- වෙල්ගම යලි පුපුරයි..

September 23, 2018 at 10:32 pm | lanka C news
ගෝටා ඇමරිකානු පුරවැසියෙක්.. මෙහේ ඡන්ද බෑ.. මං පවුල්වාදයට විරුද්දයි..- වෙල්ගම යලි පුපුරයි..

ඇමරිකානු පුරවැසියන්ට මෙරට මැතිවරණ සදහා ඉදිරිපත් වීමට නොහැකි බවත් එවැන්නන් ගැන සාක්චචා කිරීමෙන් පලක් නැති බවත් ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

මීලග ජනාධිපතිවරනය සදහා ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන්නේදැයි මාධ්‍ය විසින් කල විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.

තමන් කැමති එකම පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ මහතා බවත් පවසන ඔහු පවුල් පාලනයට තමන් විරුද්ද බවද කියා සිටී.

මීලග ජනාධිපතිවරණයට තරග වැදීම සදහා කිසිදු බාධාවක් මහින්ද රාජපක්‍ෂ මහතාට නැති බවත් ඔහු නාම යෝජනා බාර දුනහොත් මැතිවරණ කොමසාරිස්වරයාට එය ප‍්‍රතික්‍ෂෙප කිරීමට නොහැකි බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

145 views

29 Comments to “ගෝටා ඇමරිකානු පුරවැසියෙක්.. මෙහේ ඡන්ද බෑ.. මං පවුල්වාදයට විරුද්දයි..- වෙල්ගම යලි පුපුරයි..”

  1. Ratnamalala says:

    මූ කාගෙන් හරි ඩොලර් කුට්ටියක් කඩාගෙනද මේ විදියට කතාකරන්නෙ. වලත්ත කමේ සීමාවක් නැති එකෙක්.

  2. marusira says:

    මු යන්න හදන්නෙ මහින්ද ගෙන් පස්සේ මමයි පොර කියන සංකල්පයටයි කලුතරින් ජන්ද ගත්තට ඔයාට අනිත් පලාත්වලින් චන්ද ගන්න බහැ වල්ගම පොදුසතුරා පන්නනකන් වත් කටපියා ගෙන හිටියොත් හොදයිනේද