ගෝටා කලඑලි බහී.. මහින්දගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී හෙට උත්සවයක්.. ආචාර්ය මහාචාර්යවරුන්, ප‍්‍රමුඛ ව්‍යාපාරිකයන්, ආර්ථික විශේෂඥයන් රොදබදී..

May 12, 2018 at 10:00 am | lanka C news
ගෝටා කලඑලි බහී.. මහින්දගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී හෙට උත්සවයක්.. ආචාර්ය මහාචාර්යවරුන්, ප‍්‍රමුඛ ව්‍යාපාරිකයන්, ආර්ථික විශේෂඥයන් රොදබදී..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක ‘වියත්මග’ සංවිධානයේ වාර්ෂික විශේෂ මහ සම්මේලනය හෙට දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවැත්වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව හෙට පසුවරු 05.00ට දෙදහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වෙයන් පැවැත්වෙයි.

සරසවි ආචාර්ය මහාචාර්යවරුන්, ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්, ආර්ථික විශේෂඥයන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වෙති.

මෙයින් අනතුරු දිස්ත‍්‍රික් මට්ටමින් මෙම සම්මන්ත‍්‍රණයන් රට පුරා පැවැත්වීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.

89 views

30 Comments to “ගෝටා කලඑලි බහී.. මහින්දගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී හෙට උත්සවයක්.. ආචාර්ය මහාචාර්යවරුන්, ප‍්‍රමුඛ ව්‍යාපාරිකයන්, ආර්ථික විශේෂඥයන් රොදබදී..”

  1. Prabath Karunanayake says:

    Moota one athi thawa minee marala minissunge mas kala le bonna

Main News