ගෝටා කියන්නේ බේගල්.. මා කියන්නේ පරම සත්‍යයි.. ‘ආවා ගෲප්’ හැදුවේ ගෝටාභයමයි..

November 3, 2016 at 4:40 pm | lanka C news
ගෝටා කියන්නේ බේගල්.. මා කියන්නේ පරම සත්‍යයි.. ‘ආවා ගෲප්’ හැදුවේ ගෝටාභයමයි..

‘ආවා’ කල්ලිය ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත ආරම්භ වූවක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි.

ගෝඨාභය  ‘ආවා’ කල්ලිය සමග තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවට කොතෙක් ප‍්‍රකාශ කළත්, මෙම කල්ලිය ආරම්භ වුයේ ඔහුගේ පුර්ණ ආශිර්වාදයෙන් බවත්, ෙමි පිළිබදව ඉදිරියේ දී සියළු විස්තර හෙළි කරන බවත්,  රාජිත සේනාරත්න මහතා පවසයි.

ඡෝශප් පරරාජසිංගම්, ප‍්‍රදීප් එක්නැලිගොඩ, නඩරාජා රවිරාඡ්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සිද්ධීන් වලින් මොවුන්ට ගැලවීමක් නැති බවත්, එම පරීක්ෂණ අවසානයේ දී සිදුවන දේ කුමක් දැයි ජනතාවට සියළු සත්‍යයන් පසක් වන බවත් රාජිත සේනාරත්න මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ  ‘ආවා’ කල්ලිය පිළිබද තමා කළ හෙළිදරව්වෙන් හමුදාවන්ට අපහාස වන බවයි.

තමා හමුදාවට කිසිදු අපහාසයක් සිදු කර නැති බවත්, මෙවැනි කල්ලි ආරම්භ කිරිමට හමුදාව යොදා ගනිමින් ඔවුන්ට අපහාස කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

– මාධ්‍ය ඒකකය

232 views
Main News